86 කොටස

10.9K 1.2K 957
                                    

ඇඩ්මිෂන් ගන්න ඇවිල්ලවත් මේ මහපගයොන්ගෙ වදෙන් බේරෙන්න බෑනෙ අම්මපා.. පොඩ්ඩක් පන්තියට වෙලා ඉන්නවත් දෙන්නෙ නෑ.. අද විතරයි අපි මෙහෙම ඉස්කෝලෙ එන අන්තිම දවස.. පන්ති ළමයි එක්කවත් කතාකරන්න වෙලාවක් නෑ.. 'හැයි යැයි ඩියුටි පලයන්'-ආපු දෙන්කො ඔය ලේන් පගයා.. ඕකා දෙන ඕඩර්ස් වලටනෙ අනිත් උනුත් වැඩ කරනවා ඇත්තෙ.. ඇහේ ඉඳන් පට්ට ගහලා ඒකෙන් තොප්පියක් මහගෙන වැස්සටයි අව්වටයි දෙකටම දානවා.. 

මම ඉස්කෝලෙ දේව මණ්ඩලේට දෙස් තිය තිය ස්ටුවර්ඩ් බැජ් එක ඇඳුමෙ ගහගන්න ගිහින් ඒක අතේ ඇනුණා.. ඔක්කොම මට නොපිටටමයි වෙන්නෙ.. මම බැජ් එක පොළොවෙ ගහලා පාගලා ආයෙම ඒක අහුලලා ඇඳුමෙ ගහගත්තා.. 

" එපාවෙනවා හු#ත..!!"

" අයියෙ අයියෙ.. අපිට රෝහියෝ කොළයක් හොයලා දෙන්නකො.."

මම පිටිපස්සට හැරුණෙ මොකෙක් හරි මගේ කලිසමෙන් අදින නිසා.. කව්ද මේ කලිසම ගලවන්න හදන අසහනකාරයා..

" මොනහ්-කියන්න මල්ලි.."

" අයියෙ මට රෝහියෝ කොළයක් කඩලා දෙන්නකො.. ගාර්ඩන් එක මැද්දෙලු තියෙන්නෙ මම රෝහියෝ දැකලා නෑ.."

ඇච්චගෙ කටහඬ හුරතල් නිසා මම උගේ කම්මුලක් පොඩි කළා.. හය වසරට අලුතින් ආපු පොඩි එකෙක්ද කොහෙද.. මට ඌව දැක්කහම ෂනෙරුවා මතක් වුණා.. ඌත් මෙන්න මෙහෙමයි කතාකරන්නෙ ඉස්කෝලෙට අලුතින් ආපු කාලෙ.. කොහෙද දන්නෑ වෙන්ඩ හෙඩ් පිපෙට්ටුව ඉන්නෙ.. ඒකත් එකටම සේපාලිකා ගහ පල්ලෙ මල් කඩනවා ඇති..

" හයේද..??"

" ඕ.."

" ඔතන ඉන්නකො මම කඩාගෙන එන්න.."

ඉස්කෝලෙ ලස්සනට රත් මල් පඳුරු වලින් රවුමක් හදලා ඒකෙ මැද්දෙ ස්කූල් ලෝගෝ එක ගහපු ස්ටෝන් එකක් තියනවා.. ඒකෙ වටේට කැනාස් රෝහියෝ හැඩේට වවලා තියනවා.. අපිත් පොඩි කාලෙ ප්‍රැක්ටිකල්වලට රෝහියෝ කොළ කඩන් යන්නෙ මෙතනින්.. පොඩි කාළෙ ඕන නෑ ඒ ලෙවෙල් වල මුල් කාලෙ අන්වීක්ෂ භාවිතයටත් මෙතනින්මයි කඩාගත්තෙ.. මම රත් මල් පඳුර මෑත් කරගෙන මැද්දට පැනලා ගිහින් රෝහියෝ කොළ පහ හයක් කඩලා පොඩි එකාට දුන්නා.. මම තාම රවුම ඇතුළෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now