89 කොටස

12K 1.2K 1K
                                    

මේ දවස් ටිකනම් තනිකර පිස්සුවක්..!!

මම හිටියෙ පුපුරන්න ඔන්න මෙන්න තියන ගිනිකන්දක් වගේ පුදුම පීඩනේක හිරවෙලා.. ඕලෙවෙල්නම් සිංදු කිය කිය ගිහින් ලියලා ආවා වගේ නෙමෙයි මේක.. පටන්ගත්තු දවසෙ ඉඳන් ඉවරවෙනකල් එක්සෑම් එකට එකම විදියක මානසිකත්වයක් තියාගෙන ඉන්න හරිම අමාරුයි.. ඔක්කොම දමලා ගහලා නිදාගන්න හිතෙන වෙලාවල් කොච්චර තියද.. හැම අස්සක් මුල්ලක්ම දැනගෙන හිටියත් එක ගාණක් හරි හිර වෙච්ච ගමන් පුදුම පීඩනයක් ඔලුවට දැනෙනවා.. ඒක මට හදන්න පුළුවන් කියලා හොඳටම දැනගෙනත් වැරදෙද්දි අවුල් යනවනෙ.. මම නම් එක්සෑම් එක තනිකර පිස්සුවක් කරගෙන හිටියෙ.. මම විතරක් නෙමෙයි හැමෝම එහෙමයි.. කෙමෙස්ට්‍රි එම් සී කිව් එක ඇඬෙන්න දීලා තිබ්බ නිසා මම සෑහෙන්න අවුලෙන් හිටියෙ සෙකන්ඩ් එක ලියාගන්න බැරි තරම් මානසිකත්වෙකින්.. ඒත් ගෙදර ඇවිත් මාකින් බලන්න ඕන කියලා හිතුවත් අපේ අම්මා හොඳටම බනින්න ගත්තා එක්සෑම් අස්සෙ මාකින් බලනවා කියලා.. පස්සෙ මම රෑන්ක් හීනෙ පස්සට දාලා කොහොමහරි එක්සෑම් එකට ඒ තුනක් දාගන්නවා කියලා හිතාගෙන එක්සෑම් එක ලිව්වා..

හිතුව තරම්ම ලොකු අමාරුවකුත් නෑ ලේසියකුත් නෑ.. මේ ටිකේ මට මගේ වටේ ඉන්න මිනිස්සු සම්පූර්ණෙන්ම අමතක වෙලා තිබුණෙ.. සිංදුවක් කණට ඇහුණත් හරියට තරහා යනවා.. තාත්තා හුඟක් වෙලාවට ළඟින් ඉඳගෙන කොහොමහරි මේක කරගන්න පුළුවන් කියලා මටත් වඩා විශ්වාසෙන් කියද්දි, ඒක හුඟක් හදවතට ළඟින් දැනුණා.. මට කොයි දවසටත් වඩා මේ දවස්වල ඒක දැනුණා.. තාත්තා නැත්නම් සමහරවිට මම පිස්සුවක් කරගනී.. ඒත් එහෙම වුණේ නෑ.. මාසෙ තැන තැන විහිදිලා එක්සෑම් එක තිබුණ නිසා තැනින් තැනින් දවස්වල චමිරුව එහෙම හම්බුණා.. තව අරවින්දව.. ෂනෙරුවා නම් හැමදාම සෙට් වෙනවනෙ.. ඒ ඇරෙන්න අයුක අයියව අන්තිම කෙමෙස්ට්‍රි එසේ එක තිබුණ දවසෙ හවස හම්බුණා.. ලොකුවට කතාකරන්න වුණේ නෑ අපේ තාත්තා එනවනෙ ඒකනිසා.. කලර්ස් නයිට් එකට ඉස්කෝලෙ වැඩ ගොඩගැහිලා.. මේ සැරේ මටත් කලර්ස් කීපයක්ම තියනවා.. සමහරවිට ඒක තමයි මම අයුක අයියව අන්තිමට යුනිෆෝම් එකෙන් දකින දවස.. මටක් වෙද්දි හිතට දුකයි..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now