91 කොටස

12.4K 1.2K 1.1K
                                    

" මොකද තව්සෙ හිනාවෙන්නෙ..!!!"

මම ටවල් එක ගුලි කල්ලා ඒකෙන් අයුක අයියට දමලා ගැහුවා.. මේ අවලං ලේනා අවදි වෙච්ච වෙලවෙ ඉඳලා තොලකුත් හපාගෙන මනමාල විදියට හිනාවෙනවා මට පුදුම කේන්තියි හු#ත..

" කව්ද හිනාවුණේ.. මම හිනාවුණේ නෑ.."

" මොකක්ද..??!!"

අයුක අයියා මොකුත් ඇහුණෙ නෑ වගේ ක්ලෝසෙට් එකෙන් වී ශේප් කරක් තියන රතුපාට ශර්ට් එකක් උස්සන් ඇවිත් ඒක මගේ බෙල්ලට දැම්මා.. මම උගේ ගෝත මූණ දිහා රවාගෙන බලාගෙන ඉන්න ගමන් අත් දෙකත් දාගෙන හරියට ඇඳුම ඇඳගත්තා.. 

" මේක හොඳයිද..?? ආම් කට් එකක් දෙන්නද.."

"....."

 " Well, this is good.. You like it..??"

මෝඩ ලේනා මගේ කම්මුල් දෙක චප්ප වෙන්න මිරිකලා මාව බදාගත්තා.. මම ඌව එහාට තල්ලු කල්ලා ඇඳෙන් ඉඳගෙන කොට්ටයක් පපුවට තියාගෙන ඇඳේ පෙරළුණා.. මම අද කොහෙවත් යන්නෙ නෑ.. 

" ආහහ්..!! මගේ ඇඟ රිදෙනවා.. මට උණ වගේ මගේ බෙල්ලයි අතයි කකුලයි පපුවයි ඔලුවයි ඔක්කොම රිදෙනවා.. මම මැරෙයි.."

" මැරෙන්න මොකක්ද වුණේ.."

" දන්නෑ.. මට උණ වගේ.. මගේ ඇඟ රස්නෙයි.."

අයුක අයියා මං ගාවින් හාන්සි වෙලා ඔලුව එක අතකටබර කරගෙ බලාගෙන හිටියා.. මම කොට්ටෙ අස්සට මූණ ගහගත්තා.. සිරාවටම උණ ගන්න වගේනෙ.. මට නින්ද ගිය වෙලාවෙ මොකුත් වුණාද.. මට හිතේ සැකේ නිසා එහෙටයි මෙහෙටයි ඇඹරිලා බැලුවා.. එහෙම එකක් නෑ.. මගේ හිතට උණ හැදිලා.. මේ මෝඩ ලේනා ඇඟ උඩ නැගගෙන ඇඟ හපලා හැමතැනම රතු වෙලා දෙන්න හිතෙනවා පුපට පයින් එකක්.. එක්කො මූ මගෙන් පලිගන්නවද දන්නෙත් නෑ.. ටිකකින් අයුක අයියා මාව බදාගෙන ශර්ට් එක අස්සෙන් අතක් දමාගෙන පපුව අතගාන්න ගත්තා.. අතගානවා නෙමේ මුගෙ තියන වලත්තකම ඒකට කියන්නෙ.. මම ටික්ල් වෙන නිසා අයුක අයියගෙ අත් දෙක ගලවගන්න බැලුවා..

" Why is your chest so warm.??"

" ඒකවත් දන්නැද්ද.. එහෙම වෙන්නෙ එපිනෙෆ්‍රීන් නෝර්පිනෙෆ්‍රීන් ඇඩ්‍රිනලින් නිසා.. කොමස් කළාම කොහොමත් ඒවා දන්නෑනෙ ඉක්කෙ සුදුඅයියෙ.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now