අයුක අයියව හම්බෙලා රයන් මාව ගෙදරින් ඇරලුවා.. ඊට එහා එයා ආයෙම කෝල් එකක් දුන්නෙත් නැහැ.. මම ඒ වෙනුවෙන් බලාගෙන හිටියෙත් නැහැ.. අර බළල් පැටියා ඉන්න නිසා අයුක අයියට පාළු හිතෙන එකක් නෑ කියලා මම හිතුවා.. කොහොමත් හම්බෙලා කතාකරන විනාඩි පැය ගාණ ඇරෙන්න ඒ කතාවම දවස් ගාණක් ආයෙම ඇවිත් අපි කවමදාවත් කතාකල්ලා තිබ්බෙ නෑ.. එහෙම කියන්න තරම් ළඟයි කියලා හැගීමක් අපි දෙන්නගෙම හිතේ නැහැ කියලා මම දන්නවා..
අපි දෙන්න අතරෙ එහෙම බොන්ඩ් එකක් කවමදාවත් හැදෙන එකක් නැද්ද..??
අද හම්බෙලා හෙටත් හම්බෙන දවසක්.. අද ඉවර කරපු කතාවම හෙට පටන් අරගෙන සම්පූර්ණෙන්ම ඉවර කරන්න දවසක්.. හැමදාම දුක සැප අහන දවසක්..
" මහන්සී.."
මම ඇඳේ පෙරළුණා..
ගෙදර ඇවිත් කාලා නාලා සේරම කල්ලා ඇඳට පැන්නහම දැනෙන නිදහස හරියට දිව්‍යලෝකෙට ගියා වගේ තමා.. ඊටත් වඩා කොහේහරි දුර ගමනක් ගිහින් ගෙදර ඈත තියා දකිද්දි.. අපේ ගෙදර ඉස්සරහා වතුසුදු ගහයි කළුපාට ගේට්ටුවයි දකිනකොට දැනෙන ගැහීම.. ඒකෙ ඉබ්බෙක් දාලා නෑ කියලා දකිනකොට දැනෙන සතුට.. ගෙදර හැමතිස්සෙම පිරිලා තියන සාම්බ්‍රාණි දුම් සුවඳ.. පාපිස්ස ගාව ෛඳලම ගෙදරටයද්දි හරිම හුරුපුරුදු ගතියක් දැනෙනවා.. මම ඒකට ආසයි.. එතකොට හිතේ තියන ප්‍රශ්න වලින් සමහරක් ඒවා පැනලා යනවා..
මම කාමරේ ඉද්දි අම්මයි තාත්තයි සාලෙ ඉඳන් කතාකරන සද්දෙ ඇහුණා.. අපේ තාත්තගෙ ගෙදරින් කතාකල්ලා අද.. අම්මා හිතේ දුකින් ඉන්නෙ..
" ඔයා ගිහින් එන්න සාලිය.. අම්මා අසනීපෙන්නෙ.. මම පුතා එක්ක ගෙදර ඉන්නම්.."
" දැන් අවුරුදු කීයන්ද මන්දාකිණි.. මට තේරෙන්නෙ නෑ අපේ අම්මලා මේ කුලමල ඔලුවට අරගෙන නටන පිස්සුව මොකක්ද කියලා.."
" එයාලට බනින්න යන්න එපා.. ඔයා ගිහින් එන්නකො.. ටික දවසනෙ.."
අපේ තාත්තගෙ පව්ලෙ අය අම්මට කැමති නෑ.. තාත්තව හොරකම් කරගත්තා, රවට්ටගත්තා කියලා හැමදාම අම්මට දොස් කියන්න විතරයි දන්නෙ.. මම එක සැරයක් තාත්තා එක්ක ගමේ ගියාම එහේ ආච්චි මං දිහා බැලුවෙ පිටසක්වල ජීවියෙක් දිහා බලන ගාණට.. එහේ නැන්දලා මාමලත් හරි කුහක මිනිස්සු.. ආයෙම අම්මා මාව එහේ යැව්වෙ නෑ.. මට යන්න උවමනාවකුත් නෑ.. තාත්තා නම් පව්ලෙ සාමාජිකයෙක් විදියට දානමාන වලට පේන්න ඉන්න යනවා.. ඒත් ගමේ අනික් උදවිය අහනවලු නෝනයි දරුවයි එක්කන් එන්නෙ නැද්ද කියලා.. අවුරුදු විස්සක් විතර ගෙවිලා ගිහිල්ලත් ඒ මිනිස්සු තාම හිතේ තරහ තියාගෙන පල් කර කර ජීවත් වෙන්නෙ..
YOU ARE READING
BROKEN MIRRORS | SEPALIKA SIDE STORY
Romance" තමුසෙ නම් මහ එපාකරපු මිනිහෙක් ඕයි" " උඹ කියලා වෙනම හොඳද.." " ඕක නවත්තගනිල්ලකො බං.. රධ්‍ය මම යනවා.. ඕන ලබ්බක් කරගනින්.." " රණ්ඩු වෙන්නැතුව වරෙන් අයුක.. මල්ලි ක්ලාස් එකට යන්න.." " බලාගෙන හිටපන් තොට කරන දේ.. ගස් ගෙම්බා.." ඒ එක්කම පාවෙලා ආපු සපත්තුවක්...