16 කොටස

13.4K 1.5K 354
                                    

ඉස්කෝලෙ වාර විභාගෙනම් සාපයක් වෙලා තිබුණෙ..!!

ඇයි දවසට සබ්ජෙක්ට්ස් දෙක ගාණෙත් තියන දවස් තියනවා.. කොමසුයි බුද්ධාගමෙනුයි පටන්ගෙන සති එකහමාරක්ම මම හිටියෙ තඩි පොත් කන්දකට යට වෙලා කට ගාවටම ගිලිලා.. හැබැයි පේපරයක් ලියලා ඉවරවෙද්දි 'අම්මෝ එකක් යාන්තම් ඉවරයි' වගේ හැගීමක් හිතට දැනෙනවනෙ.. ඒකනම් සල්ලි දීලා ගන්න පුළුවන් එකක් නෙමේ.. අන්තිම දවසෙ සෞඛ්‍ය පේපරේ ලියලා ඉවරවෙලා නැගිටින්න හම්බුණේ නෑ මැද මිදුලට ස්ටික් දෙකත් උස්සගෙන යන්න වුණා.. ඉස්කෝලෙ මැදමිදුළ අපේ පුංචි එසෙම්බ්ලි එක තියන තැන.. ලොකු සෙක්ශන් බිල්ඩින් තුනකින් තුන්පැත්තකින් වටවෙලා තියෙන්නෙ.. මම වැඩිපුරම මැදමිදුලට බහින්නෙ නම් දණගහන්න.. 

" සයිඩ් ඩ්‍රම්.. සෙනුක මෙතන.. ඔයා අලුත් නිසා මේ අයියලා හරියට කරනවා බලන්න.. භාතිය බලන්න මෙයාව.."

ගයනිකා අක්කා සාරිපොට ඉණේ ගහගෙන බැන්ඩ් එක ලයින්-අප් කරනවා.. මම කලින් හිටියෙ ට්‍රම්පට් එකට.. ප්‍රමෝෂන් වගේ දැන් සයිඩ් ඩ්‍රම්.. ලබන අවුරුද්දෙ නෙමේ ඊළඟ අවුරුද්දෙ ඉඳලා බෑන්ඩ් ලීඩර් වෙන්න පුළුවන් වේවි කියලා අපේ අක්කා කිව්වා.. එහෙම වුණොත් ගැම්මක් තමා සෙනුකයා.. දැන් මේ තකහනියක් අපේ අක්කා නැට්ට පාගගෙන බෑන්ඩ් එක ලයිනප් කරන්නෙ ඉස්කෝලෙ ඇනිවසරි එකට ප්‍රැක්ටිස් කරවන්න.. විභාගෙ ඉවරනිසා නිවාඩුකාලෙ පටන් ගන්න හදන්නෙ.. මේ සැරේ පේරන්ට්ස් මීටින් නැතිවෙයි අපිට.. ලබන වාරෙ පටන් ගත්තම ළකුණු දෙනවා කියලා කිව්වෙ.. ෂනෙරුවා බයවෙලා ඉන්නෙ මේ සැරේ ලොකු අම්මා පේරන්ට්ස් මීටින් එනවා කියලා තිබ්බ නිසා.. ලොකු අම්මා සැරයි ෂනෙරුලාගෙ.. මූ මුල් පස් දෙනාගෙ හිටියෙ නැති වුණෝතින් ඔලුව කාවි.. ඒකනිසා ෂනෙරුවා මේ සැරේ කලින් වතාවල් වලටත් වඩා හෙනට පාඩම් කළා.. අපි දෙන්නා  පන්තියෙ කොපි කරන වැඩවලට නෑ.. කොපි කල්ලා ලියලා කෙළවෙනවා කියලා අපි අත්දැකීමෙන් දන්නවා.. මොකද අපේ මැඩම් මකනයක් බිම වැටුණත් අපිට ගන්න කියන්නෙ නෑ ළඟට ඇවිත් අහුලලා දෙනවා.. විභාගෙ දවස්වලට මැඩම් ක්ලාස් එක ඇතුළෙන් පොඩ්ඩක්වත් එළීයට බහින්නෙ නෑ.. ඔව්වා නිසා අපේ පන්තියෙ උන් කොපි කරන සිහිනය අතෑරගෙන හිටියෙ.. එකසැරයක් කොපි කල්ලා අහුවෙලා අපේ ක්ලාස් එකේ උන් දෙන්නෙක්ගෙ ප්‍රින්සිපල් රිපෝට් බුක් එකේ ලියලා තිබුණා ඒක.. ඕවා තිබ්බහම ආසාවකටවත් ප්‍රිෆෙක්ට් ඉල්ලන්න බැරි වෙනවා.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now