17 කොටස

14.3K 1.5K 633
                                    

" ගියාට කමක් නෑ.. දඟලන්නෑ තුන්හතරදෙනා එකතුවෙලා.. දන්නවනේ.."

" හරි හරි තාත්තෙ.. අනේ මම එක්සෑම් එකටත් මහන්සි වුණා.. මහීශත් එනවා.. ෂනෙරුත් එනවා.. ආශිත් එනවා.. අපි ගොඩක් ඉන්නවනෙ.."

" ම්ම්.."

මම තාත්තගෙ ඔඩොක්කුවට පැනලා තාත්තගෙ කම්මුල් දෙකටම හාද්ද ගානෙ දුන්නා.. අපේ අම්මට වැඳලා වැඳලා අන්තිමට අපේ ඩේට් එක යන්න කැමති කරවගත්තනෙ.. ආශිලාගෙ අම්මට පින්සිදුවන්න අපේ ගෙවල් වලින් ප'මිශන් අරගෙන අද හනී බීච් ක්ලබ් යනවා පාටි එකකට.. එහේ මියුසික් බෑන්ඩ් එකකුත් ප්ලේ කරන නිසා කලින් ඉඳන්ම යන්න ආසාවෙන් හිටියෙ.. ඒත් කපල් වලට විතරයි යන්න පුළුවන්.. කොහොමහරි අපේ වාසනාවට මහීශට ඒකෙ ටිකට්ස් දෙකක් ෆ්‍රී හම්බෙලා කසින් කෙනෙක්ගෙන්.. අපිට වයසත් නෑ ඔව්වට යන්න.. ඒකනිසා අද ටිකක් ලොකු පෙනුමට ඇඳගෙන යන්න කතාවුණා.. අවුරුදු දාසයේ ඉඳන් අවුරුදු විසිතුනේ වැඩ කරන අපි වරදින්න එපා කවමදාවත්..!!

ගෙදර කියන්න බෑනෙ දැන් හනී බීච් ක්ලබ් යනවා කපල් වලට තියන පාටි එකකට කියලා.. හරි නෑනෙ එහෙම.. ඕක කිව්වහම අපේ අම්මා කෙලින්ම යන්න එපා කියනවා.. ඒකනිසා අපි ගෙදරට කිව්වා විභාගෙට හොඳටම පාඩම් කල්ලා මහන්සි නිසා අපි බීච් යනවා සෙල්ලම් කල්ලා එන්න කියලා.. සොඳුරු බොරුව.. හරි ඉතින් බීච් මොකද බීච් ක්ලබ් මොකද.. දෙකම එකයිනෙ.. පොඩි වෙනසක් ඇත්තෙ..

මම හවස හතරට විතර නාගෙන තෝරලා හොඳම සැන්ඩ්ල්ස් දෙකයි සුදු ශෝටකුයි, කළු පාට  Hawaiian shirt එකකුයි ලෑස්ති කරගෙන වොලට් එකත් සාක්කුවෙ දාගෙන ආශිලාගෙ ගෙදර ගියා.. ඉන්නෙ ඔය හැන්ඩියා වගේ.. එහේ යද්දි මහීශයි ෂනෙරුයි ඇවිල්ලා හිටියෙ නෑ.. ආශි යන්න ලෑස්තිවෙනවා.. ඒකි කොණ්ඩයක් කපාගෙනනෙ.. දැන් පෙනුම හෙන අමුතුයි.. මම කාමරේට යද්දි කොණ්ඩෙට රතුපාට එක්ස්ටෙන්ශන්ස් වගයක් තියලා හෝ ගාලා ගොතනවා හීනි කෑලි තුන හතරක්.. මම ගිහින් ඒකිගෙ කණ්නාඩිමේසෙ ගාවින් ඉඳගත්තා..

" ඔයා ආවද හලෝ.. ආව් හරිම හැන්ඩ්සම්.."

" ඉවර නැද්ද බං ඔව්වා උලලා.."

" අපි පොඩි පාට වැඩියි හලෝ.. මෙහ්.. ටිකක් ලොකු පාටට යන්න ඕන.. මම තව්සෙට පොඩි මේකප් එකක් දාන්නද.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now