128 කොටස

8.3K 1.1K 838
                                    

" මම හිතුවෙ නෑ අනේ අපේ මිනිහට ඕක සතියක් ගිහිල්ලත් අමතක නොවී තියෙයි කියලා.. හරි කරදරේ දැන් හැමතිස්සෙම 'උඹ, බබා ගෑණුන්ගෙ දුක අහන්න යනවා, පොඩ්ඩක් මගේ වැඩකට උදව් කරන්න බැරිද' ගගා හින්ට් ගහනවා.. කේන්තියි අප්පා.. මේ මිනිහට උදව් කරනවා කියලා මම ගිහින් මොකක් කරන්නද.. ඔන්න කන්න යමක් හදලා දෙන්නනම් පුළුවන්.. ඒ ඇරෙන්න අර යකඩ බඩු කඩේට ගිහින් මට ඌව උස්සන් ඉන්න කියනවද පිස්සුනෙ.. මට මගේ ළමයි ටිකත් එක්ක පාඩුවෙ ගෙයක් හදාගෙන ඉන්න පුළුවන් මේ සූකිරියව නම් ඕනම න්-"

**knock**knock**knock**

" කව්ද බං.."

මම බෙල්ල හරෝලා දොර දිහා බැලුවා.. කවුරුද ආවෙ නිවසට කවුරුද ආවේ..

" සූකිරි වෙන්නැති ඒයි.. ගිහින් දොර අරින්නකො සනෙරු.."

" ඒව්.. තෝ බැනපුවා ඇහුණද දන්නෙත් නෑ කියාන් අයියට.."

සනෙරුබබා ඇඳෙන් බිමට පැනලා ආශිගෙ රෝසපාට කාමරේ තියන රෝසපාට හෙලෝකිටී දොර ඇරියා.. කියාන් අයියා තඩි ස්නැක්ස් මල්ලකුත් උස්සගෙන දොරකොඩ ගාව.. මහසෝනෙක් වගේ.. ෂනෙරු කියාන් අයියට මල් මල් හිනාවක් දාලා කාමරේ ඇතුළට එන්න ඉඩ දුන්නා.. මේ දවස්වල අපි සුදුපවුලට හොඳින් සලකන්න ට්‍රයි කරනවා.. නැත්නම් කියවන්න ගන්නවනෙ.. 

මේ හැමදේම වෙනස් වෙන්න ගත්තෙ අපි තරුවිගෙ දුක අහන්න ගැන්සිය පිටින් කැෆේ එකට ගිය දවසෙ ඉඳන්..

එදා ලස්සනට ඉර පායපු දවසක්, හැබැයි අපිට විතරයි අයුක අයියට නැහැයි කිව්වා.. ඒගොල්ලොන්ට හොඳටම වහිනවලු.. පව් ගෝත ලේනා ට්‍රේන් එකට ඇවිදගෙන යනකල් හොඳටම තෙමිලා.. මොකක්ද මං කියන්න හැදුවෙ-ආ-ඉර පායලා තිබ්බා වළාකුළුත් අහසෙ හුඟක් තිබුණා.. අපි උදේම මිනිස්සුන්ට බොරු තොගයක් ඇදබාලා ආශිලාගෙ ගෙදර ආවෙ හවසට කතාවුණු විදියට ගිහින් තරුවිගෙ දුක අහන්න.. නැත්නම් අපේ එක්කෙනාට-මං කිව්වෙ සනෙරුගෙ හිතටත් හොඳ නෑනෙ.. අනිත් එක අර හඬුගඳ මස්සිනාව තනිකඩ කරවීමේ මහා කර්තව්‍යත් තිබුණෙ අපේ කර උඩ.. අපි කැෆේ එකට ගිහින් අපිට පුළුවන් තරමින් තරුවි නිංගිගෙ දුක ඇහුවා.. එයත් එයාගෙ දුක අපිට කිව්වා.. නංගි අපහාස කරපු කෙල්ලම ඒකිව බදාගෙන 'හැමදේම හොඳින් වෙයි' කියලා කියද්දි මගේ කුරිරු හදවතට දැනුණෙ පුදුමාකාර සතුටක්.. එයා දැනගන්න ඕන එයාගෙ තත්ත්වෙ.. අපි හැමෝම පොළොවෙ අඩිය තියලා ඉන්න සාමාන්‍ය මිනිස්සු වග.. මහීශා නම් මුල ඉඳන්ම දුක අහන වැඩෙන් දුරස් වෙලා පාඩුවෙ හිටියෙ.. ඒකිට තරුවි 'අයියා' කියලා තරුවිව උස්සලා පොළොවෙ ගහන්න හිතෙනවා කිව්වා.. අපි දුක අහන අතරෙ අපිට නාඳුනන 'ඉසඩ්' කියලා පාර්ශවයක් සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගයක් ඕඩර් කරලා තිබුණා.. හරිම පුදුමයි තාත්තෙ, අපි බෙල්ල කරකලා බලනකොට අපේ ඇස් වලට අහුවුණේ දුර ඈත ටේබල් එකකට වෙලා නක්කලේට හිනාවෙවී අපි දිහා බලාගෙන ඉන්න කියාන් අයියවයි, රධ්‍ය අයියවයි..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYDonde viven las historias. Descúbrelo ahora