27 කොටස

13.5K 1.5K 644
                                    

පහුවදා උදේ වෙනකල් මම හරියට නිදාගත්තෙත් නැද්ද මන්දා.. සේරම පැත්තකින් තියලා මට හිතෙනවා ඇයි මම මෙච්චර කලබල වෙලා තියෙන්නෙ කියලා මුල ඉඳලම හිතන්න.. අහම්බෙන් මූණට හම්බෙන මනුස්සයෙක් ඇයි මම මෙච්චර ළඟින් තියාගෙන පරිස්සම් කරන්න හදන්නෙ කියලා මම තේරුම් ගන්න ට්‍රයි කලා.. එයා මට ළඟ මනුස්සයෙක් නෙමේනෙ.. ඉතින් ඇයි.. මම අනුකම්පා කරනවද.. දැක්කම හිතේ කුතුහලයක් ඇතිවෙන විදියේ කෙනෙක් නිසා අවුස්සලා බලන්න හදනවද මට හිතාගන්න බෑ.. කොහෙන් ගියත් මම හිරවෙන්නෙ අපි තරහකාරයො වෙලා හිටියනෙ කියන පොයින්ට් එකෙන්..

එක්කො ඒක ගැන මම නොහිතා ඉන්න තරමට හොඳයි කියලත් හිතෙනවා.. 

ඒ වුණාට මට අයුක අයියව දැක්කම එයාව අත් දෙකේ පරිස්සමට හංගගෙන පුංචි ම පැලයක් වගේ වතුර දදා බලාගන්න හිතෙනවා.. ඒක හරිම පුංචියට දැනෙන පරිස්සම් කරන හැගීමක්.. එයා මං ගාව ඉන්න විදියට එහෙම හිතෙනවා.. කලාතුරකින් තුරුල් වෙන වෙලාවක තව ටිකක් තද කල්ලා බදාගන්න හිතෙනවා.. වචනෙන් විතරක් නැතුව ඇත්තටම ළඟින් ඉන්න හිතෙනවා.. මම හුඟක් පුංචි වුණත්, මට කරගන්න පුළුවන් දෙයක් නොවුණත් මට ඕන වුණේ එයාව පරිස්සමින් මගේ අත් දෙකින් බදාගෙන ආරක්ශා කරන්න විතරයි.. 

පහුවදා අම්මා කලින්ටත් වඩා උදෙන් නැගිටලා දෙගුණයක් රසට කෑම හැදුවා.. ඔහොම කරන්නෙ අම්මගෙ ස්කූල් ට්‍රිප් එක යන දවසට විතරයි.. එහෙම නැත්නම් මගේ යාළුවෙක් විශේෂෙන් ගෙදරට එනකොට.. අම්මා හදන කෑම හුඟක් රසයි.. උවමනාවෙන් හදන දවසට ඊටත් වඩා රසයි..තාත්තත් ලොකුවට යාළුවෙක් ගැන ඇහුවෙ නෑ අම්මත් යන නිසා වෙන්න ඇති.. අම්මා තනියම උයන නිසා මමත් උදේ නැගිටලා අම්මට උයන්න උදව් කරන්න කුස්සියට ගියා.. පාන්දර හතරහමාරට ඇති.. ගෙදර හැමෝම උදේ පහයි හතලිහ වෙද්දිම එළීයට බහින නිසා අපේ ගෙදර හතරෙවත් ඉඳලා ලයිට් දාලා.. තාත්තත් අනිත් කාමරේ ඉඳන් ඇඳුම් අයන් කරනවද කොහෙද.. 

" ගුඩ්මෝනින් අම්මා.."

" ගුඩ්මෝනින්.. මම ඇහැරන්න එන්නත් හැදුවෙ.."

මම අම්මගෙ උරහිස උඩින් මූණ තියාගත්තා.. අම්මා ගාව ක්‍රීම් සුවඳයි තාම.. අනික උණුම උණුයි.. හීටරයක් වගේ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now