84 කොටස

10.9K 1.2K 1.4K
                                    

" Tujh mein rab dikhta hai (I see God in you)
Yaara main kya karoon (My beloved what should I do)
Tujh mein rab dikhta hai (I see God in you)
Yaara main kya karoon (My beloved what should I do)
Sajde sar jhukta hai (My head bows down in worship to you)
Yaara main kya karoon (My beloved what should I do)
Tujh mein rab dikhta hai (I see God in you)
Yaara main kya karoon.." (My beloved what should I do)

හවස කෑම්ප් ෆයර් එකට දර එකතුකල්ලා නාගෙන කියාගෙන මම ටෙන්ට් එකට ආවා.. අයුක අයියා තාම නානවා අරහෙ.. ඌට ලැජ්ජලු මම ඉද්දි නාන්න.. පුදුම හරුපයක්නෙ යකෝ ඒක.. ඌ අසනීප වෙලා ඉද්දි හිච්චි කලිසමක් ඇඳගෙන මම නාවද්දි ඉන්න පුළුවන් නම් දැන් මොකක්ද වෙලා තියෙන්නෙ.. සමහරවිට මම ලේනගෙ කලිසම ගලවලා දුවයි කියලවත් හිතුණද දන්නෑ.. අපි හිටියෙ ටෙන්ට් වල දෙන්නා දෙන්නා.. මාත් එක්ක ඉන්න සෙට් වුණේ මගේ ගෝත නරි මස්සිනයි, ලේන් පැටියයි.. ෂනෙරුවයි, කියාන් අයියයි, රධ්‍ය අයියයි වෙන ටෙන්ට් එකක.. අභිරු අයියයි, ජොනයි, නෆ්‍රාසුයි අපිට එහාපැත්තෙ ටෙන්ට් එකේ.. සයෝන් අයියා ඉශාන් අයියලත් එක්ක ඉස්සරහා ටෙන්ට් එකේ.. හැමෝම නාලා ටෙන්ට් වලට එන වෙලාව.. රෑ හතට කිට්ටු කල්ලා වගේ.. ෂනෙරුවා කලින්ම වොශ් දාන්න පැනගත්තා.. ඌටත් අමුතු ලැජ්ජාවක් තියේ වොශ් දාන්න හැමෝම එක්ක.. අපිට නම් හුරුයි ඉස්කෝලෙ කෑම්ප් වලට ගිහින් වෙනම ප්‍රයිවට් බාතෲම් දෙන්නෙ නෑනෙ.. නාන ගමන් කියාන් අයියා ඌට සබන් බෝල පුම්බන්න ඕන කියලා අයුක අයියගෙ ෂවර් ජෙල් එක උස්සලා ඒකෙන් බෝල පුම්බ පුම්බ ඉඳලා උන් දෙන්නා ගහගෙන ඒක බේරන්න ජොනතන් ගිහින් ඌ නිකරුණේ බැනුම් ඇහුවා.. පවුල් ප්‍රශ්ණ අපි විසඳලා හරියන්නෙ නෑ උන් තනියම විසඳගන්නවා ඇරෙන්න.. මම ඉතින් මගේ පාඩුවෙ නාගෙන ටවල් එකත් කරේ දාගෙන අපේ ටෙන්ට් එකට එද්දි ඇතුළෙන් මිහිරි ගී රාවයක් ඇහෙනවා.. චමිරුවා සින්දුවක් කිය කිය ටෙන්ට් එකේ රෙදි එළනවා.. මමත් ටෙන්ට් එකේ සිප් එක ඇරලා ඉක්මනට ඒක වැහුවා.. මේකෙ අස්සට මදුරුවො රිංගුවහම ඊටපස්සෙ හිටපන්කො මදුරුවො කකා මුළු රෑම..

" Kaisi hai yeh doori (What kind of distance is this)
Kaisi majboori (What kind of helplessness is this)
Maine nazaron se tujhe chhu liya (I've touched you through my eyes)
O ho o... kabhi teri khushboo (O ho o... sometimes your fragrance)
Kabhi teri baatein (Sometimes your conversations)
Bin maange yeh jahaan pa liya.." (I've achieved this world without asking)

මමත් සිංදුවෙ ඉතුරු කෑල්ල කියාගෙන ඇතුලට ආවහම චමිරුවා හිනාවෙලා කොනෙන් ඉඳගත්තා.. අද දවසට චමිරුවයි මමයි හෙනට ෆිට් වෙලා හිටියෙ.. ඇයි හැමතැනම ඌ ඉන්නවනෙ.. අයුක අයියත් මොකුත් කිව්වෙ නෑ අපි එකට හිටියා කියලා.. එයාමනෙ කිව්වෙ චමිරුට යාළුවෙක් වෙන්න කියලා.. මම උගේ නරක පැති ගැන නම් හොඳක් කියන්නෙ නෑ.. හැබැයි යාළුවෙක් විදියට ආශ්‍රය කරන්න නම් චමිරු හොඳ එකා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now