95 කොටස

11.5K 1.2K 1K
                                    

" නෑ මෙහෙමයි මිස්ටර් කාවිංග.. ඔව් ඔයාගෙ කොලෙස්ටරෝල් ලෙවෙල් එක හුඟක් වැඩි නිසා කෑම පාලනය කරගන්නම ඕන.. බෙහෙත් වලින් විතරක්ම බෑනෙ මේක කන්ට්‍රෝල් කරගන්න.."

" එතකොට ඩොක්ට බිත්තරවත් කන්න බැරිද.."

" එහෙම කෑවට කමක් නෑ.. ඔයාට පුළුවන්නම් අද අපේ හොස්පිට්ල් එකේ රූම් නම්බර් ටූ වල මං වෙනුවට ඩොක්ට රිද්ම ඉන්නවා.. එයාව මීට් වෙන්න පුළුවන්ද.. මම රිපෝට්ස් ටික ඊමේල් කල්ලා යවන්නම් එයාට.. යද්දි ක්ලිනික් බුක් එකත් අරගෙනම යන්න කොහොමත් මිස්ටර් කාවිංගගෙ ඉන්සියුලින් ඩෝස් එක ගැනත් අහගන්න තියනවා කිව්ව නිසා.."

" ඩොක්ට ආයෙම හොස්පිට්ල් එන්නෙ කවද්ද දැනගන්න පුළුවන්ද.."

" ම්ම නම් තව දවස් තුන හතරකටම නෑ මිස්ටර්.."

" බලන්නකො ඩොක්ට අපි ඉතින් ෆැමලි ඩොක්ට විදියට ඔයා ගාවට විතරනෙ එන්නෙ.. එහෙනම් ඩොක්ට අධිකාරි හොස්පිට්ල් එනකල්ම අපි ඉන්නම්.."

" අ.. (පොඩී ඔයාගෙ ෆෝන් එක පාස් කරන්න මට.. ඉක්මනට..!!) ඇත්තටම මිස්ටර් කාවිංග (පොඩී..!! අයුක මල්ලි ඔයාගෙ ෆෝන් එකේ මැප් එක දාලා දෙන්නකො) ඇත්තටම මිස්ටර් මම හොස්පිට්ල් එන දවස හරියටම කියන්න අමාරුයි මොකද හොස්පිට්ල් එකේ මට සර්ජරි ඩේට්ස් තුනක් තියන නිසා.. ඩොක්ට රිද්මව මීට් වුණානම් හරි.. මම එයාට විස්තර හැමදේම කියලා තියෙන්නෙ.."

ආධ්‍ය අයියා ෆෝන් එක එක කනක තියාගෙන බෙල්ලත් ඇල කරගෙන ඩ්‍රයිව් කරනවා.. ඉස්සරහා කවුරුත් නෑ සයෝන් අයියත් පිටිපස්සට ආවනෙ කන්න නැවැත්තුවට පස්සෙ.. අපි මේ හිටියෙ ආධ්‍ය අයියගෙ කෝල් එක ඉවරවුණ ගමන් සිංදුවෙ ඉතුරු ටික කියන්න.. ඒ අස්සෙ අයියගෙ මූණට ෆෝන් එක ටච් වෙලා ඒකෙ ස්පීකර් ඕන් වෙලත් එක්ක.. මේ කාවිංග පරයට බැරිද වෙන වෙලාවක කෝල් කරන්න අම්මපා.. කාලා කාලා තියන පෙරේතකමට ලෙඩ හදාගෙන අපිට ආතල් එකක්වත් ගන්න දෙන්නෙ නෑ අපේ ලස්සන ආධ්‍ය අයියට වද දෙනවා.. මහීශා අයුක අයියගෙන් ෆෝන් එක ඉල්ලගෙන ඉස්සරහට ඇදිලා ආධ්‍ය අයියට පාර කිව්වා.. දැන් හුඟක් රෑ වෙලා තියෙන්නෙ අනික.. අපි දවල් වෙච්ච පොඩි පහේ රණ්ඩුවකින් පස්සෙ ස්ථාන මාරුවක් දාගත්තා.. ඊටපස්සෙ පොඩි නින්දකුත් දැම්මා.. දැන් ලාස්ට් සීට් එකේ ඉන්නෙ මමයි, අයුක අයියයි, ෂනෙරුවයි, රධ්‍ය අයියයි.. ඉස්සරහා ඉන්නෙ ආශියි, කියාන් අයියයි.. ඊටත් ඉස්සරහා ෆෝන් දෙකක් තියාගෙන මරාගන්න මහීශායි සයෝන් අයියයි.. ආධ්‍ය අයියා ඩ්‍රයිව් කරන්නෙ.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now