105 කොටස

11.1K 1.1K 1.2K
                                    

" ආ සෙනුක අයියේ~"

මම බැටන් එකත් අතේ තියාගෙන ඇවිදගෙන ගිහින් ඔකෙස්ට්‍රා එකේ කන්ඩන්ටර් ඉන්න ස'කල් එකට ගියා.. පෝළීමට හිටපු පොඩි පගාලා ටික මහ මනමාල විදියට හිනාවේගෙන මං දිහා බලාගෙන ඉන්න නිසා මම උන්ට රැව්වා..

" ප#ද බලන්නෙ..!!"

" එකෙක් සෙනුක අයියට හිනාවෙන්නෑ..!"

" උඹත් කට පියන් හිටපන්කො.. මේ හොඳට කරගෙන පලයන් හරිද.."

" ඔයා බයවෙන්නෙපා අයියෙ.. අපි දෙන්නම් ගින්දර විසිවෙන්න.."

" මහින්ද මහත්තයා අමාරුවෙ හදලා දීපු නෙළුම් පොකුණ තොට ගිනිතියන්න දෙන්න..!? මගේ මරණෙ උඩින් ගිනි තියපන් ප#යා.."

" අන්න අන්න බයියෙක් ඩිටෙක්ටඩ්.. ඊයා හූ!!! පසිඳු.."

" ගිය සාගා එකේ සෙනුක අයියගෙ මයික් එක ඕන් වෙලා තිබ්බනෙ.. බලපන් ඕන් වෙලාද කියලා මොකක් හරි.."

" මයික් ඕන් වුණේ නැතිවුණාට බාලිකාවෙ නංගිලා දැකලා මම ටර්න් ඕන් වෙලා ඉන්නෙ.. උඹ දැක්කද කෑලි ටික.."

මම ස්ටෑන්ඩ් එකට හේත්තුවකුත් දාගෙන ඉස්සරහා හිටපු උන් කියවන වැල් බයිලා ටික අහගෙන හිටියා.. 

" චමිරු අයියගෙ කෙල්ලත් ඉන්නවලු.. අර කොළපාට එකක් ඇඳලා හිටියෙ.."

" චමිරු අයියට ඉතින් කී දෙනෙක් ඉන්නවද කියපන්කො.. නේ බං.."

මම ටලාලට රැව්වහම ඌ කට පියාගත්තා.. මෙන්න මූව අල්ලලා බේරෙ වැවට අතාරින්න තියෙන්නෙ.. 

" ඩිපියුටි හෙඩා ඕයි.. ඔව්වා මෙතන කියලා කේලමක්වත් කිව්වොත් අපි එපෑ ඒවටත් කර ගහන්න.."

" ගයාන්..! විකාර කියවන්නැතුව වැඩක් බලාගනින්.. උඹලත් මහ-"

" අපි සෙනුක අයියා ගැන කතාකරමු..!!!"

" අනේ බං පාඩුවෙ වැඩක් බලාගනින්කො.. උඹලත් එක්ක කෑගහලා කෑගහලා මගේ ප්‍රෙශර් වැඩිවෙලා තියෙන්නෙ.."

අනික අපේ අම්මත් අඩව්වක් ඇල්ලුවනෙ.. ආහහ්!! සුදුඅයියෙ එක්කො යන රටකට මාවත් එක්කන් පලයන්.. අපේ අම්මා තව්සෙ යනකල්ද දන්නෑ මාව අල්ලගන්න ඉන්නෙ.. අයුක අයියා රට ඉද්දිම අම්මා මට කසාදයක් බන්ඳලා දෙන්න ප්ලෑනක් ගහවිද කියලා මට ශුවර් නෑ.. එහෙම වුණොත්නම් අම්මපා මම ජනේලෙන් නෙමෙයි වහල ගලෝගෙන හරි පැනලා යනවා.. චමිරු ඉන්නවනෙ සපෝට් එකක් ගන්න.. මෙච්චර දවසක් මෙහෙම දෙයක් දැනගෙන අපේ අම්මා මට ඇඟෙව්වෙවත් නෑනෙ.. කමක් නෑ සෙනුකයා වැඩිය හිතන්නෙපා තාත්තට කිව්වෙ නැති එකම කොච්චර දෙයක්ද.. ඔව් ඔව් එහෙම අවුලක්න් ඇතුවැති.. පිස්සු කොල්ලහ් කලබල වෙනවනෙ.. අනික අපිට සුපිරි ප්ලෑන් බී එකක් තියනවා.. ඒක නිසා බයවෙන්නැතුව හිටපන්..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now