31 කොටස

14.5K 1.5K 738
                                    

" ක්ෂිතිජය මායිමේ
පාමින් සිත් රටා
ඈතින් සිහිනයේ ගිලෙනා.."

මම නින්දත් නොනින්දත් අතරෙ ඇස් පියාගෙන කල්පනාවක හිටියෙ.. ඒත් මට දැනුණා අයුක අයියා එයාගෙ ඉයර්ෆෝන් එකෙන් එකක් මගේ කනේ රඳවනවා.. මට හැමදේම හොඳට දැනුණත් ඇස් පියාගෙනම හිටියා.. මගේම ප්ලේලිස්ට් එකනෙ මේ උගේ වගේ අහන්නෙ.. ඒ මදිවට මම පිළීවෙලට හදපු එව්වා අවුල් කල්ලත් එක්ක.. මෙලෝ විචාරයක් නැතුව ලයික්ඩ් සෝන්ග්ස් වලට ඇඩ් කරගෙන.. පහුගිය දවසක මම මහ රෑ සිංදු අහගෙන ඉද්දි මැද්දෙත් ඩෙත් මෙටල් මියුසික් එක්ක ප්ලේ වෙලා උඩ ගිහින් බිම වැටුණා.. 

" දිනයක හමුවෙනා
දිනයක වෙන්වෙනා
හීනෙක ජීවිතේ තවරා.."

සිංදුවක් ඇහෙද්දි ඉබේම මට ඒක හිතෙන් මිමිණෙනවා.. මේ වතාවෙත් සිංදුව යන විනාඩි ගාණට මම ඔක්කොම අමතක කල්ලා ඒක අහගෙන හිටියා.. අයුක අයියා මැද්දෙ තියන බොට්ල් එක එහාට කල්ලා මගේ උරහිසට එයාගෙ උරහිස හේත්තු කරගන්නවා මට දැනුණා.. හැමෝම එක්ක එහෙම ඉන්නවා වගේ නෙමෙයි දැනෙන්නෙ අයුක අයියා එක්ක ඉද්දි.. ටිකකින් එයාම මගේ කම්මුලට අතක් තියලා මාව උරහිසට බර කරගත්තා..
එ-ඒ මොකක්ද වුණේ..!!??
මම වේගෙන් වැටෙන හුස්ම හිර කරගෙන හරි හිමින් හුස්ම ගන්නවා වගේ රඟපෑවා.. හරිම හිමින් යන සිංදුවක් අහගෙන සීතල සුවඳක් එන මනුස්සයෙක්ගෙ උරහිසේ ඔලුව තියාගෙන යන එක මොන වගේ හැඟීමක්ද.. එවෙලෙට දැනෙන්නෙ මොනවද..?? ඒ සේරමමට දැනුණා..

" මතකේ ඈත ඉවුරේ
යාවී පෙනෙන්නේ
ඒ හීනේ විරාමයයි.."

" දිනයක හමුවෙනා
දිනයක වෙන්වෙනා
හීනෙක ජීවිතේ පවරා.."

" අහසට ළංවෙලා
සයුරට ළංවෙලා
මා හදේ ඇඳි රූ රටා.."

" ක්ෂිතිජය මායිමේ
දිනයක හමුවෙනා
හීනෙක ජීවිතේ තවරා.."

" ඒ විරාමයේ හමුවී නැවතී
හිත සොරාගත්තා දෝ දැනුනී
ඒ විරාමයේ හමුවී නැවතී
හිත සොරාගත්තා දෝ දැනුනී.."

" හිත සොරාගත්තා දෝ දැනුනී
ඒ විරාමයේ හමුවී නැවතී.."
(විරාමයේ-රිද්ම වීරවර්ධන)

මට ඒ අන්තිම පේළි දෙක අයුක අයියා ලියලා එවලා තියේ.. මට ඒ ලියුම මතක් වුණා.. කටපාඩම් හිටින තරමටම මට ඒවා මතක තියනවා.. මේවා හිතට කොච්චරවත් වද දෙනවා.. මම එයාටවත්-එයා මටවත් මොකුත්ම කියාගෙන නෑ.. මම එයාගෙ ප්‍රශ්න වලට උත්තර කියනවා ඇරෙන්න එයා ගාව ඉද්දි වෙන මොකුත්ම හිතලා නෑ.. හිතුණත් කලබලේට ඒවා හංගගෙන ඉන්නවා.. එක අතකින් මමත් තේරුම් ගන්න ඕන එක සැරයක් දෙසැරයක් නෙමේ, හැමතිස්සෙම රැවටුණ මනුස්සයෙක් එක්ක ගණුදෙනු කරද්දි මීට වඩා හිතන්න.. එයා තව අවුරුදු කොච්චර ගියත් කාවවත්ම විශ්වාස කරන එකක් නෑ.. උපන්දා ඉඳලා ඉන්න මනුස්සයෙක්වත් විශ්වාස කරන්න බැරි එකේ අද ඊයෙ මම හම්බෙච්ච මම විශ්වාස කරන එක විහිළුවක් වගේනෙ.. මාව වුණත් විශ්වාස කරන ලිමිට් එකක් ඇති මම ඊට එහා බලාපොරොත්තු වෙන්න ඕන නෑ තමයි..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now