106 කොටස

9.9K 1.1K 1K
                                    

" සුදුඅයියෙ.. නැගිටිනවකො.. මේ ඕයි කතාකරපන් බේබද්දා.."

මම කාර් එක ඩ්‍රයිව් කරන ගමන් පැසෙන්ජර් සීට් එකට වෙලා මූණ අට කරගෙන බුම්මගෙන ඉන්න අයුක අයියට ඇඟිල්ලෙන් ඇන්නා.. බීලාබීලා කෙළීන් හිටගන්නත් බෑ මෙලෝ සිහියක් ඇත්තෙත් නෑ.. බොනවනම් බීපන්කො දෙපයින් හිටගෙන ඉන්න පුළුවන් තරම්.. අම්මෝ කලින් පම්පෝරි ගැහුවෙ මම බීලා තියනවාය, මට වදින්නේ නැහැය, විස්කිනම් නතින්ය කියලා.. ශොට් දෙකක් දාගත්ත ගමන් එහෙමම ඩව්න්.. මුගෙ කයිය විතරයි.. සිංහවංශ පවුලම එහෙමයිනෙ..

අයුක අයියා යන නිසා අද අපේ ක්ලෝස්ම යළුවොන්ට විතරක් මූවන්පික් එකේ පාටි එකක් තිබුණා.. ආශියි, මහීශායි, කියාන් අයියයි, ෂනෙරුයි, රධ්‍ය අයියයි, අභිරු අයියයි, සයෝන් අයියයි ආවෙ.. ආවහම ඉතින් දන්නැද්ද.. පරණ දේවලුයි ඉස්කෝලෙ කාලෙ ඒවයි ගැන කියව කියව හැමෝම බිව්වා.. ෂනෙරු කොහොමත් බොන වැඩවලට එච්චර නෑ.. අයුක අයියා පළවෙනි ශොට් එකෙන්ම ඩවුන් වෙච්ච නිසා මමත් බොන්නෙ නැතුව හිටියා.. අපි දෙන්නා ඇරෙන්න අනිත් ඔක්කොම බීලා බීලා පුටු උඩ නැගගෙන නටලා කෑගහලා ලතෝනි තියලා තනිකර පිස්සුවක් කෙළියෙ රූම් එක ඇතුළෙ.. ඒක ප්‍රයිවර් ඩිනර් රූම් එකක්.. ක්ලබ් එකක ඕගනයිස් කරන්න තරම් අඬබෙර  ගහලා නෙමෙයිනෙ අයුක අයියා රට යන්නෙ.. මට නම් සැකයි සීයා මේ ගැන දන්නවද දන්නෙ නෑ කියලා.. මොකද එයැයි මූණෙන් පෙන්නන එක නෙමේ හිතේ තියන් ඉන්නෙ.. අයුක අයියා ඔය කියන තරම්ම සීයව අන්දන්න ලේසිත් නෑ.. අනේ මන්දා මම ඒ  ගැන හිතන්න ගියේ නෑ..

අන්තිමේ ඔක්කොම ඉවරවෙලා දෙපයින් ආපු උන් හතරගාතෙන් යනකල් ඉඳලා මම අයුක අයියවත් එක්කගෙන අපාර්ට්මන්ට් එකට එන්න ආවා.. අම්මා දන්නවා අද ඉන්නෙ අයුක අයියත් එක්ක කියලා.. අන්තිමට හම්බෙන්නෙ අදනෙ.. මොකුත් කිව්වෙත් නෑ ගියාට වැඩිය බොන්න යන්න එපා, පරිස්සමින් ඉන්න කිව්වා විතරයි.. සාගා එකෙන් පස්සෙ ගෙදර ගියාමත් අම්මා හරිම සාමාන්‍ය විදියට හිටිය නිසා මම ආයෙ අර ප්‍රශ්ණෙ ගැන හිතන්න ගියේ නෑ.. ඒත් මගේ හිතට පොඩිම පොඩි හරි ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා අම්මා නිසා.. එයා මාව තේරුම් ගන්න නිසා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now