82 කොටස

11.6K 1.2K 998
                                    

" පහන්සිළු පරීක්ශාව-හරි හරි ඔච්චර පෙන්නන්න දෙයක් නෑ.. යන්න.."

ගේට්ටු පෝළිමේ ඉඳපු පොඩි එකා මං දිහා කන්න වගේ බලාගෙන ඉඳලා බෑග් එක උස්සන් ඉස්කෝලෙ ඇතුළට දිව්වා.. අද බල බල ඉන්න බෑ හවස කෙමෙස්ට්‍රි ක්ලාස් එකේ එක්සෑම්.. මට පහන්සිළු පරීක්ශාව කටපාඩම් නෑ.. ගිහින් අපේ ගමේ ගහපු වෙසක් තොරණෙ පාටවල් ටික තමා ලියලා එන්න වෙන්නෙ.. ඇයි යකෝ පහුගිය සතියෙම හුස්මක් ගන්න වෙල්ලාවක් තිබ්බද.. බ්ලු නයිට් කියයි, සීල ව්‍යපාර කියයි, කළා උළෙල ප්‍රැක්ටිස් කියයි, ප්‍රිෆෙක්ස්ලට භාර දෙන වැඩ කියයි.. අපිත් මිනිස්සුනෙ රෙද්ද.. මටනම් එපාවෙලා හිටියෙ.. අයුක අයියා ඈත තියා ඇවිත් මමයි, චමිරුයි, නෆ්‍රාසුයි බෑග් චෙක් කරන එක බලන්න අපිට පිටිපස්සෙන් රීප්ප පටියකුත් වන වන ඇවිද ඇවිද හිටියා.. කියාන් අයියත් හිටියෙ එතනමයි.. අපෝ මේ ගේට් ඩියුටිනම් සාපයක්.. අර බුදුමැදුර ගාව ඉල්ලගත්තනම් ඒකට ගේන කජු කෑල්ලක් කාලා සැපේ ඉන්නවා.. මේක අට වෙනකල්ම බෑග් අවුස්ස අවුස්ස බලන්න එපැයි.. ඒකත් කීයක් කියලා එනවද.. කියන්නත් හැදුවා විතරයි හෝමගමට යන ස්කූල් බස් එක ගේට් එක එහාපැත්තෙන් නැවැත්තුවා.. ඉශාන් අයියා රිය නියාමකට ඉන්න පොඩි එකාව බලනවා.. ඌ බෝඩ් එකකුත් උස්සගෙන ඌව හප්පන් යයි කියලා බයේ වෙවුළ වෙවුලපාර මැද්දෙ හිටන් ඉන්නවා.. අන්න බලපන් බාලදක්ශයොන්ගෙ නම කනවනෙ මේ පොඩි එකා.. අපි ඔය කාලෙ එහෙමද. වාහනේ නැවැත්තුවෙ නැතිවුණොත් පාරෙ තියන ගලක් හරි අහුළලා වීදුරුවට දමලා ගහනවා.. එහෙමයි සේවයට කැපවුණේ..

" ගුඩ්මෝනින් සෙනුක.."

අපේ මෝඩ අක්කා ඒ ආවෙ.. 

" ගුඩ්මෝනින් මැඩම්-ලිතියම් රතු, සෝඩියම් කහ, පොටෑසියම් ලිලැක් දම්-ඔව් ඔව් අර පහළ ඇති ෂනෙරු-රුබීඩියම් රතුදම්, සීසියම් ලා නිල්, කැල්සියම් ගඩොල්‍ රතු, ස්ට්‍රොන්ටියම් ක්‍රිම්සන් රතු, බේරියම් ලා කොළ,කොපර් තද කොළ.."

" ඇයි වත්සල්.."

අයුක අයියා මං ගාවට ඇවිත් ඇහුවා.. 

" මට පාඩම්..!!! හම්මෝ ඊයෙ රෑ මම ඔලුවෙන් හිටගෙනත් හිටියා මේක පාඩම් වෙනකල්.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now