" කාටද පුතා ඔච්චර කෝල් ගන්නෙ.."
ඉස්තෝප්පුවට වෙලා අම්මගෙ ෆෝන් එක කනේ ගහගෙන ඉඳපු මම උඩ ගියේ අම්මා හවුස් කෝට් එකත් හද හද ඉස්තෝප්පුවට බැස්ස නිසා.. මම අම්මගෙ පැත්ත හැරිලා ටිකක් නවතින්න කියලා පොකුණ ගාවට ඇවිදගෙන ගියා..
" අනේ මන්දා ජොනතන්.. මගේ හිතට කිසි හොඳක් දැනෙන්නෙ නෑ.."
අම්මා මං දිහා බලලා ඔලුව දෙපැත්තට වනලා ආයෙම ගේ ඇතුළට යනවා මම දැක්කා.. පැය කීයක්ද දෙයියනේ මම මේ බලන් ඉන්නෙ.. අයුක අයියගෙ ෆෝන් එක ආපහු ඕෆ්.. මම මෙහේ ඉන්නෙ ගිනි ගොඩක් උඩ..
" සෙනුක.. අපි කලබල වෙලා බෑනෙ.. අයියා කොහෙද ඉන්නෙ කියලා අයිඩියා එකක් තියද උඹට.."
" ඒගොල්ලොන්ගෙ ගෙදර තමා.. අනේ පහුගිය ටිකේම ප්‍රශ්න ගොඩක හිටියෙ ජොනා.."
" හරි හරි මම දන්නවා ඒක.. ඒත් අපි කොහොමද බං රෑ වෙලා හරි ඔය කියන සිංහවංශ මන්දිරේට රිංගගන්නෙ.. හෙන ගාඩ් එකක් ඉන්නවනෙ.."
" මට තේරෙන්නෑ බං.. පුළුවන් නම් ටිකක් හොයලා බලන්න පුළුවන්ද.. අඩුම තරමෙ චමිරුට හරි.."
" ඉඳපන් ඉඳපන්.. මමයි නෆ්‍රාසුයි අද නයිටක් ගහන්න උන්ගෙ ගෙදරට සෙට් වුණා.. රෑ වෙන්න ඒ හරියෙ රවුමක් දාලා එන්නම්.."
" උඹලට වදේ නේද බං.."
" කුණුහර්ප කතාකරන්නැතුව ඉඳපන් බල්ලො.. උඹව වදයක් කියලා කවදහරි අපි කියලා තියද.. බලපන්කො නෆ්‍රාස්.."
" ඕක දීපන් පොඩ්ඩක්.."
නෆ්‍රාසුත් ජොනතන්ගෙන් ෆෝන් එක අරගෙන මාත් එක්ක කතාකළා.. මේ වෙලාවෙ පොඩිම පොඩි හරි උදව්වක් ඉල්ලගන්න පුළුවන් උන් දෙන්නෙක්ට හිටියෙ එච්චරයි.. ඇයි ඇයි!! මම පාන්දර කියලා බලන්නෙ නැතුව චමිරුට කතානොකළේ..?? මම මටම දොස් කියාගත්ත වාර අනන්තයි.. මගේ නොසැලකිලිමත්කමක්.. මීට වඩා හැමදේම ගැන හිතන්න තිබුණා..
" සෙනුක මේ අහපන්.. අපි දැන් ගිහින් පොඩි සර්ච් පාරක් දාලා එන්නම්.. ඔය හරියෙදි බයික් එකේ පැච් එකක් ගිහින් උදව් ඉල්ලගන්න වගේ වුණත් සෙකියුරිටි එක මීට් වෙන්න පුළුවන්නෙ.. උඹට දැනගන්න ඕන අයුක අයියා හොඳින් ඉන්නවා කියලා..?? එච්චරනෙ.."
YOU ARE READING
BROKEN MIRRORS | SEPALIKA SIDE STORY
Romance" තමුසෙ නම් මහ එපාකරපු මිනිහෙක් ඕයි" " උඹ කියලා වෙනම හොඳද.." " ඕක නවත්තගනිල්ලකො බං.. රධ්ය මම යනවා.. ඕන ලබ්බක් කරගනින්.." " රණ්ඩු වෙන්නැතුව වරෙන් අයුක.. මල්ලි ක්ලාස් එකට යන්න.." " බලාගෙන හිටපන් තොට කරන දේ.. ගස් ගෙම්බා.." ඒ එක්කම පාවෙලා ආපු සපත්තුවක්...