46 කොටස

14.7K 1.4K 998
                                    

" පාඩුවෙ ඉඳපන්..!!"

" අන්ඩවෙයා එක කළුපාටයි නේ.."

" වරද්..!!!"

" ඉතින් මෙහෙම පස්ස දික් කරන් නැමීගෙන ඉන්නකොට පේන්නෙ නැද්ද.. මම දැක්ක දේ කිව්වෙ.. දකින දේ ඕන කියන්න.. අපේ ආච්චිඅම්මා එහෙම තමයි කියලා දීලා තියෙන්නෙ.. දැක්කෙ නැති දේවල් හද හද කියන්න හොඳ-ආව්!! ටොකු අනින්නෙපා.."

මම හවස හයට විතර ප්‍රිෆෙක්ට් රූම් එකට යනකොට ඒක ඇතුළෙ දෙක වෙන්න සද්දෙ.. දෙන්නා දෙමහල්ලො බැනගන්නවා චේන්ජ් කරන්න ගිහින්.. හොඳ වෙලාවට ඉස්කෝලෙ මෙක්කොක්වත් නැත්තෙ.. අනිවාරෙන් අර ෂනෙරු කියන බේසික  යාලුවා රධ්‍ය අයියා ඇඳුම් මාරු කරනකල් බලාගෙන ඉඳලා මේක අස්සට පනින්න ඇති.. පෙරුම් පුරාගෙන කර ගැහුවෙ වදකබාරෙකට කියලා රධ්‍ය අයියට දැන්වත් තේරෙනවනම් හොඳයි.. සංසාර ගණූදෙනුවෙ ණය ගන්න හොඳ නෑ.. පේනවනෙ භයානක කම.. පව් නිදාගන්නෙත් නැතුව ඇඬුවලුනෙ වරද්ව ඕනෙයි කියලා..

ප්‍රිෆෙක්ට් රූම් එක අස්සෙ ඉඳලා කියාන් අයියත් රගර් ගහන්න අඳින කොට ශෝට් එකයි ඊට උඩින් ශර්ට් එකකුයි දාගෙන එළියට ආවෙ බැන බැන අඳෝනා දීගෙන.. 

" අයියනායක දෙයියනේ.. තනිකඩ මට මේවා බලන්න බෑ..!!!"

කියාන් අයියා මගදි හම්බුණ මාවත් ඇදගෙන ගේට් එක දිහාට එන්න ආවෙ ජෝඩු වෙච්ච මිනිස්සුන්ට දෙස් දෙවොල් තිය තිය.. ඌට ඉතින් සිකුරා ලබලා නෑ කියලා අපි මක් කරන්න.. මම අත ඇදලා මෙහාට ගත්තා.. මම අල්ලගත්තෙ අයුක අයියගෙ අත් දෙක විතරයි දෙයියනේ.. ඒ අත් දෙකෙන් එහාට වෙන අත් දෙකක් ගැන හිතන්නෙ කොහොමද.. අයුක අයියගෙ සාපය මට වැදිලා හංස කුමාරයා කළු කුමාරයෙක් වුණොත්.. මට නම් බෑ ගෑණූ නාන දිහා බලාගෙන ඉන්න.. මොන ඒස කමක්ද.. ඒ තියා ගෑණීයෙක් දිහා බලන්නෙත් නෑ.. අයුක අයියා මට සාප කරන්නෙ නෑ මම දන්නවනෙ.. මලෙන් ඉපදිලා කොහොමද සාප කරන්නෙ.. කළු කුමාරයෙක් වුණොත් ඔන්න අයුක අයියා නාන දිහා බලාගෙන නම් ඉන්නවා.. ඊටපස්සෙ අයුක අයියා මට හාද්දක් දුන්නහම මම ආයෙම හංස කුමාරයෙක් වෙනවා.. අපි දෙන්නා හැමදාම සතුටින් ජීවත් වෙනවා.. නිමි..

මලෙන් උපන්න එක්කෙනා අද දවසෙම ඉස්කෝලෙ නෑ.. ක්‍රිකට් ප්‍රැක්ටිස් ගිහින්.. ස්කූල් ටීම් එකේ කැප්ටන් නෙ.. උදේ පාන්දර ගෝනිබිල්ලෙක් වගේ ඇවිත් හවස් වෙනකල් ඉස්කෝලෙ ඉන්න එපා කියලා ඔලුවත් අතගාලා යන්න ගියා.. ඔහු යන්න ගියා මැකිලා~ ඒ වුණාට ඉතින් මට කොච්චර වැඩ තියද.. සේරම ඉවරවෙද්දි හවස හය වුණා.. දැන් කියාන් අයියත් එක්ක ආශිව බලන්න ගිහින් ගෙදර යන්න ඕන.. ගෙදර ගිහින් ක්ලාස් එකේ රෙකෝඩින් බලන්න ඕන.. ඔක්කොටම කලින් ලේන් පැටියට දුරකතන ඇමතුමක් අරගෙන හොඳින්ද අහන්න ඕන.. නැත්නම් මුළු රෑම ඇහැරගෙන මම කතාකරේ නැත්තෙ තරහවෙලාද දන්නෑ කිය කිය කල්පනා කර කර ඉඳී.. වෙලාවකට මට කේන්තිත් යනවා මේ මනුස්සයගෙ ඕනවට වඩා හිතිල්ල ගැන.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYحيث تعيش القصص. اكتشف الآن