124 කොටස

7.6K 1.1K 954
                                    

" බෙඩ්රෙස්ට් කරන්න කියලා ඩොක්ටර් කියලා තියෙන්නෙ.. මං හිතන්නෙ එකදිගට මහන්සි වෙච්ච නිසයි, ක්ලයිමැටික් චේන්ජස් නිසයි වෙන්න ඕන.. මට මතකයි ඩුබායි ගියපු කාලෙත් ක්ලයිමැටික් චේන්ජස් නිසා අයියව අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කළා.. අනික මේ.. තමුසෙ අයියට බනින්නෙ එහෙම එපා හරිද.. අයියා පහුගිය සතියම රෑට නාලලු.. ඒකනිසා මං හිතන්නෙ පොඩ්ඩක් සෙමත් ඇවිස්සිලා.. ස්මිත් කිව්වා අයියා බෙහෙත් අරගෙන හොස්ටල් එකට ගියා කියලා.."

මම චමිරු දිහා බලන් ඉඳලා නළල මිරිකගත්තා.. අනේ අම්මපා-This three-years-old-dude is literally testing my patience..!!

" බලපන් ඉතින්.. මම කාටද ඕයි මේවා කියන්නෙ.."

" හරි හරි ආයෙ එහෙම කරන එකක් නෑ.. උඹ දැන් කෑගහන්නෙ නැතුව ශේප් එකේ අයියට කතාකල්ලා අසනීප ගැන අහපන්.. මම අයියගෙ හොස්ටල් එකේ ඉන්න සිංහල කොල්ලෙක් කන්ටැක් කරගෙන ටිකක් අයියව බලන්න කියන්නම්.."

" ඒ හොස්ටල් එකේ සිංහල කොල්ලො නෑ බං.. වෙන යුනිවසිටි එකේ යාළුවෙක්වත් මම දන්නෙ නෑනෙ.."

" මම දන්න එක්කෙනෙක් ඉන්නවා.. කලබල නොවී හිටපන්කො.."

චමිරු ෆෝන් එක අරගෙන විනාඩි දහයක් විතර නම්බර් එකක් හොයලා ෆෝන් එක කනේ තියාගත්තා.. අයුක අයියා හොස්ටල් එකට ඇවිත් නිදිද දන්නෙ නෑ.. එහෙම වුණොත් මම කෝල් කල්ලා වැඩක් නෑනෙ.. ඒත් කෝකටත් මම අයුක අයියට කෝල් එකක් අරන් බැලුවා.. ආන්සර් කළේ නෑ.. ස්මිත් අයුක අයියත් එක්ක හොස්පිට්ල් ගියා කියලා කිව්වා.. මේ මිනිහා ස්මිත්ට කියලා, මට කියන්න එපා කියලත්.. බනින්න ඕන වෙලා බැනගන්න බැරිවුණාම මට තව කේන්තියි.. දැන් සුප් එකක්වත් හදලා දෙන්න කවුරුත් ළඟ නෑනෙ.. ස්මිත්කාරයට කිව්වත් ඌට උයන්න තේරෙන්නෙ නෑ.. ඒ හොස්ටල් එකේ වෙන සිංහල කොල්ලො ඇත්තෙත් නෑ.. අයුක අයියට යුනිවසිටි එකේ ලොකුවට යාළුවො ඇත්තෙත් නෑ.. අඩුම වැඩකරන තැන හරි හොඳ යාළුවෙක් හිටියනම් මේ වගේ වෙලාවක වටිනවනෙ.. ඒත් යුනිවසිටි එකේ හැමෝම දන්නවා අයුක අයියා කියන්නෙ ලංකාවෙන් අස්ථානගත වෙච්ච ඇමති මුණුබුරා කියලා.. ඒක හරියට ප්‍රසිද්ධ රහසක් වගේ.. ඔය හේතුව නිසා යුනිවසිටි එකේ සිංහල ගැන්ග් වලට අයුක අයියා එකතු නෑ.. ඒගොල්ලො කතාකරන්න එන්නෙත් නෑ.. අයුක අයියට ඒකෙ ගාණක් තියනවා කියලත් මම හිතන්නෙ නෑ.. කියාන් අයියා වුණත් ඌ යන යුනිවසිටි එකේ එච්චර හයිලයිට් කැරැක්ටර් එකක් නෙමේ.. ඒ තුන්දෙනාට සෙට් වෙන්නෙ ඒ ස'කල් එක විතරයි.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now