104 කොටස

10.1K 1.1K 1K
                                    

" දාඩියයි වගේනම් ටිශූ එකක් මූණට තියලා මෙහෙම තද කරන්න.. අතුල්ලන්න එපා අමතක වෙලා.."

" හරි හරි.. තෑන්ක්ස්.."

" යොර් වෙරි වෙල්කම්.."

මූණෙ මේකප් එක දෙවෙනි පාරටත් ටච් කරපු ආටිස්ට් අයියා මම පුටුවෙන් නැගිටිද්දි මනමාල හිනාවකුත් දාගෙන එහාට වුණා.. ඒ වුණාට මෙතන මට වැරදිලාවත් හිනාවක් ඇඳුණොත් මූණෙ-ඒ ගැන හිතද්දිත් මගේ වම් පර්ශු කකියන්න ගන්නවා.. හිනාවෙන්නෙපා සෙනුක පුතේ.. හිනා වෙන්න නම් එපා.. ඌ බනින්නෙ නෑ තමයි ඒත් ඊටපස්සෙ මූණෙ පුම්බගෙන දාහක් දේවල් හිතන්න ගන්නවනෙ.. අනික තව දවස් හතරකින් විතර යන්න ඉන්නෙ.. ඕවර්තින්කින් මනුස්සයා නිසා පාඩුවෙ කට වහන් පලයන්.. උඹ ඌ තරහ වුණාම යාළුකරගන්නවත් වත් දන්නෙ නෑනෙ.. මහපගයා වගේ හිටියට..

මම බැටන් එකත් අරගෙන වෙස්ට් කෝට් එක හදාගෙන ඩ්‍රෙසින් රූම් එකේ කොණට ආවා.. අයුක අයියා ඕගනයිසින් කමිටි එකේ ටැග් එක කලිසමේ සාක්කුවෙ එල්ලගෙන අර උකුස්සෙක් මොකක්ද දිහා බලන් ඉන්නවා සයිරන් ඇස් දෙකක් හදාගෙන මං දිහා බලාගෙන ඉඳලා, මම ඒක දැකපු නිසා බොරුවට ඇහැට මොකක්ද ගිහින් වගේ රඟපෑවා.. මම ගිහින් උගේ කකුලට පාරක් ගැහුවා.. අපිට එක සව්න්ඩ් චෙක් එකක් ඉවරයි.. මම කන්ඩක්ටර් නිසා ස්ටේජ් එකේ ඉඳලා ටික වෙලාවකට බැක්ස්ටේජ් එන්න පුළුවන්.. පටන් ගන්න තව පැය බාගයක්ම තියනවනෙ.. මම හිතුවෙ අයුක අයියත් රධ්‍ය අයියලා එක්ක එළීයට ගිහින් කියලා.. බලද්දි නෑ ස්ටේජ් එක කොනේ ලැප් එකකුත් දිගෑරගෙන මොකක්ද ප්‍රසන්ටේශන් එක්ක රිවයින්ඩ් කර කර ඒකෙ අඩුපාඩු බලනවා..

අද සාගා එක..!! මුළු දවසෙම පුදුම ස්ට්‍රෙස් එකක ඉඳලා තමයි යන්තම් දැන් ඇඳුම ඇඳගත්තෙ.. අද අපේ ඔකෙස්ට්‍රා එකේ කොල්ලෙක් ඇක්සිඩන්ට් වෙලා උගේ අත කැඩිලා.. ඒ වෙනුවට කෙනෙක් හොයාගන්න නැතුව මාර කට්ටක් කාලා කොල්ලෙක් හොයාගත්තා.. හොයාගත්තට මදිනෙ.. ප්‍රැක්ටිස් කරපුවා දන්නෙ අරකා නේ.. මම කිව්වා, කිව්වා පරිස්සමින් හිටපන් තුවාල කරගන්න එපා කියලා.. කොටින්ම ෂනෙරුලාව කූල් වතුර එකක්වත් බොන්න දුන්නෙ නෑ බය නිසා.. ඒත් දැන් ඔය කොරගෙන තියෙන්නෙ යස වැඩක්.. මේ හු#තොන්ට මම කියන දේ අහන්නෙ නැති නිසා තමයි මෙහෙම වෙන්නෙ.. කොහෙද අපිට රැවුල වැවුණට පේන්නෙ නෑනෙ.. අපේ අම්මා බනිනවා වැවුණහම කපපන් කියලා.. අනිකා ගෝත ලේනා.. ඌටත් හෙන කිචි රැවුළ කපන්න අමතක වුණොත්.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now