32 කොටස

12.2K 1.4K 657
                                    

ඇත්තටම මම දැනන් හිටියෙ නෑ ඒක මගෙත් අන්තිම කෑම්පින් එක වෙයි කියලා.. හැමදාම වුණේ නොහිතන දේවල්..

පුරුදු විදියටම ඉස්කෝලෙ සාගා එක තිබුණා, මම ඩ්‍රම්ස් ප්ලේ කළා.. හිතුවටත් වඩා දෙගුණයක් තුන්ගුණයක් හොඳට සාගා එක ඉවරකරගන්න පුළුවන් වුණා අපිට.. ඒ ගැන අපි හුඟක් සතුටිනුයි හිටියෙ.. රධ්‍ය අයියලා, ,ලසිත් අයියලා, කියාන් අයියලා, ෂනෙරුවා, ජොනතන්ලා, නෆ්‍රාස්ලා, මගේ යාළුවො.. හැමෝම එදා ඇවිත් හිටියා.. එතකොට රධ්‍ය අයියලාට දෙසැම්බර් විභාගෙ තිබිලා ඉවරවෙලා දවස් තුනක් වගේ.. හැමෝම අපි එක්ක කතාකළා..ගෙස්ට්ලා පවා අපි ගැන ප්‍රශංසා කරද්දි මට ඔකෙස්ට්‍රා එකේ කන්ඩක්ටර් වෙන්න තව හුඟක් ආස හිතුණා.. අපි රෑ වෙනකල්ම නවරඟහලට වෙලා අපි ගැනම ලොකුකම් කියෙව්ව එක කළේ.. සතුටින්.. ඒත් මම බලාපොරොත්තුවෙන් ඉඳපු මනුස්සයා මම අන්තිමට දැක්කෙ කෑම්ප් එකේදි විතරයි..

මම සාගා එක පටන්ගත්තු වෙලේ ඉඳලා අයුක අයියා කොහේහරි ඉඳීවි කියලා හිතාගෙන හුඟක් සතුටින් හිටියෙ.. ඇත්තටම මට ඕන වුණේ එදා අපි දෙන්නා හම්බුණොත් එයාට පරිස්සමින් ඉන්න කියන්න.. අන්තිම වතාවට හම්බවුණොත් හොඳ අවසානයක් එකතු කරන්න.. නමක් නොදන්න හරි, දන්න හරි බැඳීමක් අපි අතරෙ තිබුණනෙ.. මගේ හිත කිව්වෙම අපි ආයෙ හමු නොවේවිද දන්නෙ නෑ කියලා.. මොකද අයුක අයියා ආයෙ ඇවිත් කරන දේවල් ගැන මාත් එක්ක කියලා තිබ්බෙ එකම එක දෙයයි.. එයා අර හිතේ තියාගෙන ඉන්න දේ කෙනෙක්ට කියනවයි කිව්ව එක විතරයි.. අවසානෙට සාගා එක ඉවරවෙලා රධ්‍ය අයියයි, කියාන් අයියයි ඇවිත් මාව හග් කරද්දි, ඒත් මම හෙව්වෙ අයුක අයියව.. ඊටපස්සෙ ටික වෙලාවකින් කියාන් අයියා කිව්ව වචන වලට මගේ ඔක්කොම හීන මාළිගා බිමට කඩාගෙන වැටිලා විසිරිලා ගියා.. ඇස් වලට කඳුළු උනන්න තරමට මම තදින් බලාපොරොත්තු බැඳගෙන හිටියද..??

" අයුක ඊයෙ රෑ ෆ්ලයිට් එකේ ගියා සෙනුක.. මේක උඹට දෙන්නයි කියලා කිව්වා.."

කියාන් අයියා ක්‍රීම් පාට ලියුම් කවරයක් මගේ අතේ තියලා යන්න යද්දි මම ස්ටික් දෙක අතට අඹරගෙන ඒ ගොල්ලො යන දිහා බලාගෙන හිටියා මතකයි.. මම හිතට දුක වැඩි නිසා අම්මටත් කිව්වා.. අම්මට විතරයි මට දුක හිතුණහම දෙයක් කියාගන්න පුළුවන් වෙලා තිබ්බෙ.. මම අඩුම තරමෙ අයුක අයියගෙ එක්සෑම් එකටවත් විශ් කළේ නෑ.. ඒක ලොකු අඩුපාඩුවක් වගේ දැනුණ නිසා මට ඕන වුණේ සාගා එකේදි එයා හොඳට විභාගෙ ලිව්වද අහන්න.. අන්තිමට මට ඒක අහගන්නත් බැරුව ගියා.. මගේ පැත්තෙන් මට ලොකූ හිස්තැන් ගොඩක් අහුවුණා.. ඒවා මට දරාගන්න අමාරුයි වගේ හිතුණ නිසා අම්මා එක්ක කිව්වෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYTempat cerita menjadi hidup. Temukan sekarang