![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. අතීතෙ දවසකදි
තරු අරන් පිරිවරන්..
අහස කුස තිබුණාට
එක කොනක මහ දුරින්..
තිබුණාලු එක ලොවක්
එක්කෙනෙක් තනිකරන්..
තනි තරුවෙ කුමරෙකුත්
හිටියාලු හරි දුකින්..මුලු ලොවට ඔහු පමණි
කව්රුවත් නෑ ඉතින්..
තනිතරුව වටකරන්
ගස් හැදුනි අතු වසන්..
හැදෙන අතු කපාගෙන
තරුව ළඟ හිස් කරන්..
කුමාරයා උන්නාලු
කුමරියක් ලැබෙනකං..දිනක් ගත වී ගිහින්
තරුව ළඟ මැද යටින්..
අලුත් පැලයක් ඇවිත්
කුමාරයටත් හොරෙන්..
වතුර හා පොහොර ගෙන
දැම්මා එය රැකෙනං..
පැලය ලොකුවීලා රතු
පොඩි මලක් හැදෙනකං..හිමින් කල් ගතවෙද්දි
රතු රෝස පෙත්තකින්..
ලොකු පැලය සරුවුනා
කුමාරයා සංතොසින්..
පැලයේ මැද හැදුනු ඒ
රෝස මල දෙස බලන්..
තනිවුවත් කුමාරයා
හිටියා හරි කැමැත්තෙන්..රෝස මල,කුමාරයා
දවසකදි ආදරෙන්..
බැඳුනා එකිනෙකා ගැන
හඳවතින් ලංවෙමින්..
පිට පෙනුම,හිත ඇතුල
දෙපැත්තකි නොදැනඋන්..
දෙදෙනාම ගත කලා
කාලෙ නොදැනුන ලෙසින්..
Is the prince's rose still in the star?

YOU ARE READING
MISSING FLOWER🌷|| ✔️ ( Completed )
Fanfiction✔️ If you want to read this book, please visit my second account ✔️ The story of this book is not put here and only the poems are here ✔ Thanks to everyone who supported this book ️✔️ I kindly inform you that this book will not be returned through t...