Little Something ☃️

499 78 68
                                        

ඒත් කුමාරයා රෝස මල වීදුරු භාජනේකින් වහලයි ගියෙ.කාගෙන්වත් කරදරයක් නොවෙන්න.ඉතිං කුමාරයා එක එක තරු වලට ගියා.කුමාරයට එක එක මනුස්සයො හම්බවුනා..ඒ කිසිම තැනක කුමාරයා හොයපු දේ ,කුමාරයට දකින්න උවමනා වුන දේනං තිබුනෙ නෑ.
අවසානෙදි තමා කුමාරයා අපි ඉන්න තරුවට ආවෙ.මේ අපේ තරුවට..පෘථිවිය කියන ජීවය පිරුණ තරුවට.එයා අපේ තරුවෙ ඇවිදපු එක දවසක පුදුම උනා...ඇයි? අර තනිවුන තරුවෙ හැදුන එයාගෙ රෝස මල වගේ රෝස මල් දහස් ගානක් හැදිලා තියන ගාර්ඩන් එකක් හොයාගත්තා කුමාරයා අපේ තරුවෙ එක තැනකදි.කුමාරයා දැක්කා..ඒ හැම රෝස මලක්ම අර රෝස මල වගේමයි.ඒත් එයාගෙ ⁣රෝස මල මේ රෝස මල් වගේමද?

එතකොට පරණ තරුව අතෑරලා කුමාරයා මෙහෙ ඇවිත් ගොඩක් කල් ගෙවිලා.මාස ගනන් ගෙවිලා ගිහින්.කුමාරයට ගොඩක් දේවල් අමතක වෙලා.ඒත් කුමාරයට මතක් වුනා අතඇරලා ආපු තරුවෙ හැදුන අර රෝස මල.ඒත් එක්කම කුමාරයට මුණගැහුනා අලුත් යාලුවෙක්..ඒ පොඩි නරි පැටියෙක්..දන්නවද ඔයා….?කුමාරයයි නරියයි හොදම යාලුවො වුනා..ඒ දෙන්නා නිතරම එක⁣ට එහෙ මෙහෙ ගියා.ඉතිං එහෙම දවසක නරි පැටියා කුමාරයට එක කතාවක් කිව්වා.

"It is only with the heart that one can see rightly.What is essential is invisible to the eye"

ඔන්න ඔහොම හරි ලස්සන වාක්‍ය ⁣දෙකක්..ඔයාට ⁣තේරෙනවද ඒකෙන් කියන දේ..

'ඒකෙන් කියවෙන්නෙ ඇස් වලට පේන්න ඕන නමුත් නොපෙනෙන දේවල් වල ,ඇස් වලින් හැංගුන දේවල් වල ලස්සන බලන්න පුලුවන් හදවතින්ම විතරක් කියන එක….!'

අපේ ඇස් වලට කැතට පේන සමහරක් දේවල් හදවතින් බැලුවොත් හරි ලස්සනට පෙනේවි.ඒ කතාව කුමාරයට හොදින් තේරුනා.ඉතිං දවසක් කුමාරයට ආයෙ අර රෝස මල බලන්න ඕන වුනා.ඒත් එයින් පස්සේ කුමාරයට ගොඩක් දේවල් වලට මූන දෙන්න සිද්ද වුනා.අවසානෙ කුමාරයා අපේ තරුව ඇතුලෙ හිරවුනා.එයා වැඩ කරන මනුස්සයෙක් වුනා.දවස්,මාස,අවුරුදු ගනන් ගෙවිලා ගිහින් කුමාරයා ලොකු මනුස්සයෙක් විදිහට හැදෙන්න ගත්තා.එයාට රෝස මලයි තරුවයි ඔය හැම⁣දේම අමතක වෙලා ගියා.නිකම්ම නිකං මනුස්සයෙක් වුනා කුමාරයා.ඒත් එයාගෙ රෝස මල පස්සෙ කාලෙකදි එයාට මතක් වුනා.ඉතිං පස්සේ කාලෙක කුමාරයා එයාගෙ අර අතඇරපු තරුව බලන්න ගියා..එයාගෙ රෝස මල බලන්න.එයාගෙ ආදරේ..ඒත් කුමාරයා යද්දි එයාගෙ පුංචි තරුව නිවිලා ගිහින්.තරුව අන්දකාරෙ වැහිලා ගිහින්.එතකොට කොයිතරං කාලක්ද ?...රෝස මලත් අර වීදුරු භාජනෙත් තරුව වහගෙන හැදුන ගස් වල මුල් අස්සෙ තිබිලා කුමාරයා හොයාගත්තා.කුමාරයා දූවිලි බැඳුන භාජනේ අයින් කරලා බැලුවම....ඒත්….. 
කුමාරයගෙ රතු පාට රෝස මල මැරිලා තිබුණා..මැලවිලා...පෙතිහැලිලා..දූවිලි වෙලා..මොකද කුමාරයා ගියායින් පස්සේ රෝස මල බලාගන්න කව්රුත් හිටියෙ නෑ.රෝස මලට කව්රුත් වතුර දැම්මෙ නෑ.රෝස මලට ඉර එලිය වැටුනෙ නෑ.රෝස මල වේලිලා ගියා කාලෙත් එක්කම.තරුවත් නිවිලා ගියා.රෝස මල වීදුරු භාජනේ ඇතුලෙ සදාකාලික හිරකාරයෙක් වුනා.කුමාරයා හිතුවෙ රෝස මලේ ආරක්ශාවට රෝස මල කොටු කරලා වීදුරු භාජනෙන් වහලා දාලා ගිහාම රෝස මල හොදට හැදේවි කියලා.පිටත දේවල් වලින් රෝස මල ආරක්ශා වේවි කියලා.ඒත් එහෙම වුනේ නෑ..පිටතදි රෝස මලට ලැබෙන්න ඕන දේවල් නොලැබුන නිසා රෝස මල මැරිලා ගියා කුමාරයා කුමාරයගෙ ලෝකෙ හිටපු වෙලේ.. කුමාරයා කවදාවත් ආවෙත් නෑ.රෝස මල බලාගෙන ඉන්න ඇති.කුමාරයා ඇවිදින් රෝස මල වහපු බාජ⁣නේ අයින් කරනකං..ඒත් ඌ ආවෙම නෑ.ඌ එද්දි රෝස මල…..
ඌ..එද්...දි..රෝස..ම.ල...මැරිලා..ගිහි..ල්ලා….!..

MISSING FLOWER🌷|| ✔️ ( Completed )Where stories live. Discover now