ᑕᕼᗩᑭTᗴᖇ 10☠︎︎...

2.5K 340 315
                                    

කාමරේ දොර ඇරෙන සද්දෙත් එක්ක ජන්ග්කුක් තව ටිකක් ශීට් එක යටට ගුලි උනා...ඒත් ටිකකින් ජන්ග්කුක් පෙරවගෙන හිටපු ශීට් එක Lucifer එහාට ඇදල දැන්මා...

" හියුන්ග්...

" මුණින් අතට හැරෙන්න ජන්ග්කුක්"

ජන්ග්කුක් ඔහේ Lucifer දිහා බලාගෙන ඉද්දී Lucifer ජන්ග්කුක්ව මුණින් අතට හරවල , ගෙනාපු ක්‍රීම් එක අරගෙන ජන්ග්කුක්ගෙ පිටේ සටහන් වෙලා තිබුන රතු පැහැ තැලුම් පාරවල් වල ගාන්න ගත්තා...

" ම්හ්...රිදෙනව...

" දගලන්නෙ නැතුව ඉන්න "

ක්‍රීම් එක ගාල ඉවර වෙලා Lucifer හැරිල යද්දී තමයි ජන්ග්කුක් දැක්කෙ Luciferගෙ දකුණු අතේ ගැටගහල තියෙන ලේන්සුව...බඩු පොලොවෙ ගහන්න ගිහින් Lucifer තමන්ටම තුවාල කරගෙන බව තේරුන නිසා ජන්ග්කුක් මොකුත් අහන්න යන්නෙ නැතුව නිදාගන්න උත්සාහ කරා...

ටිකකින් ඇද බර වෙනව දැනුන නිසා Lucifer ඇවිත් ඇදට නැග්ග බව ජන්ග්කුක්ට තේරුනා...වෙනදා තමන්ව යට කරගෙන නිදාගන්න Lucifer අද තමන්ව ඇදල පපුව උඩට ගත්තම ජන්ග්කුක්ට පුදුම හිතුනත් ඒ තමන්ගෙ පිටේ තියෙන තැලුම් නිසා බව ජන්ග්කුක්ට ටිකකින් තේරුනා...ඔලුව ලාවට උස්සල හොරාට ඇස් ලාවට ඇරල Lucifer ගෙ අත දිහා බලපු ජන්ග්කුක් දැක්කෙ Lucifer අතට බෙහෙත් දාගෙන බව...

" ඇස් දෙක පියාගෙන නිදාගනින්...නින්දටත් බොරු නොකර"

හුම් සද්දයක්වත් නොදා ජන්ග්කුක් එහෙමම නිදාගත්තෙ යකාට ඇදල ඉන්න මිනහව අවුස්සගන්න ඕනෙ නැති නිසා....

ජන්ග්කුක්ට උදේ ඇහැරුනේ එලියෙන් ඇහුන බඩු එහා මෙහා කරන සද්දයක් නිසා...Lucifer තමන්ව ඇදේ තනියම තියල එලියට ගිහින් බව දැකපු ජන්ග්කුක් වොෂ් දාගන්න කොහොමත් කාමරෙන් එලියට යන්න ඕන නිසා බාත්රොබ් එකක් ඇදගෙන එලියට ගියා...

ජිමිනවයි යූන්ගිවයි එලියෙ දකින්න බලාපොරොත්තු උනත් එලියෙ හිටියෙ ජන්ග්කුක් මීට කලින් දැකල නැති දෙන්නෙක්..එතනින් එක්කෙනෙක් නම් ජන්ග්කුක්ට පොඩ්ඩක් හුරුපුරුදු ගතියකුත් ගෙනාවා...

සාලෙ කොටසෙ ඇස් යවපු ජන්ග්කුක්ට තේරුනේ ඊයෙ රෑ Lucifer කඩල දාන්න පුලුවන් හැමදේම වගේ පොලොවෙ ගහල බව...සෝෆා එක ලී කබඩ් එක වගේ මනුස්සයෙක්ට උස්සල අතට ගන්න බැරි දේවල් ඉතුරු වෙලා තියෙද්දී අනිත් හැමදේම කඩල දාල තිබුනා...බිත්තියේ සෙට් කරල තියෙන TV එක මැදින් ඇතුලට බැහැල screen එකම ඉරි තැලිල වගේ ගිහින් තිබුනෙ ජන්ග්කුක්ට Luciferගෙ අත තුවාල උන විදිය ගැන සරල අදහසක් දීලා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now