ᑕᕼᗩᑭTᗴᖇ 42☠︎︎...

1.3K 303 221
                                    

උදේ ඇස් ඇරපු ජන්ග්කුක් දැක්කෙ තමන් දිහාම බලාගෙන ඉන්න තවත් ඇස් දෙකක්...ඒ තද දුඹුරු චොක්ලට් පාට ඇස් දෙක කාගෙද කියල අදුරගන්න ජන්ග්කුක්ට වැඩි වෙලා ගියේ නෑ...ජන්ග්කුක් ඉක්මනට පොඩ්ඩක් එහාට උනේ Lucifer හිටියෙ තමන්ට අගලක් විතර ඈතින් නිසා...ඒත් Lucifer තව පොඩ්ඩක් ලන් වෙලා දිගටම ජන්ග්කුක් දිහා බලාගෙන ඉන්න ගත්තෙ ජන්ග්කුක් තාම තමන් එක්ක තරහින් ඉන්න බවත් අමතක කරලා...

" උදේම මගේ කාමරේ මොකක්ද කරන්නෙ?"

" මේක මගේ කාමරේනෙ කූ...ඔයානෙ මාව පලවාහැරලා මගේ කාමරේ බලෙන් යටත් කර ගත්තෙ"

" මම වෙන එකකට යන්නම් එහෙනම්"

" දැනට ඉන්න ඔහොම...ටික වෙලාවක් ඔයා දිහා බලාගෙන ඉන්න දෙන්න මට"

" උදේම ඇදෙන් වැටුනද ?"

" ම්හ්...ටිකක් ඔහොම ඉන්න please "

Lucifer ජන්ග්කුක් දිහාම බලාගෙන ඉද්දී ජන්ග්කුක්ත් සති එකහමාරකට විතර පස්සෙ Luciferගෙ මූණ දිහා හරියට බැලුවා...කීප දවසකින් රැවුල කපල නැති නිසා Luciferගෙ මූණෙ දැන් පොඩි රැවුලක් තියෙන බව ජන්ග්කුක් දැක්කා...ඒ ඇස් යට කලු වෙලා තියෙන බව ජන්ග්කුක්ට පෙනුනා...මේ සති එකහමාරෙදි Lucifer හිටියට වඩා පොඩ්ඩක් කෙට්ටු වෙලාදෝ කියලත් ජන්ග්කුක්ට හිතුනා...

" ඔයා වොශ් දාලද ඉන්නෙ?"

" ඇයි කූ...මන් ලග ගදද?"

" රැවුල කපල නෑනෙ...ඒකයි ඇහුවෙ"

" ආආආ...කපන්නම් මම අද"

ජන්ග්කුක් තවත් මොකුත් නොකිය Lucifer දිහා බලාගෙන හිටියෙ Lucifer තමන් දිහා බලාගෙන ඉන්න විදියට ඇදෙන් එකපාරටම බැහැල යන්නෙ හිතුනෙ නැති නිසා...හැගීම් ගොඩක් පිරිලා තියෙන Luciferගෙ ඇස් ජන්ග්කුක්ට ලස්සනට පෙනුනත් ජන්ග්කුක් ඒ ඇස් කියවන්න උත්සාහ කරේ නෑ...

" කූ..."

" ඇයි?"

" පොඩ්ඩක් හිනා වෙන්න පුලුවන්ද?"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now