ᑕᕼᗩᑭTᗴᖇ 57☠︎︎...

1.8K 296 141
                                    

" හියුන්ග්...ඔතනට නෙවෙයි මෙතනට අල්ලන්න ඕක...ඔතන මුල්ලෙ සෙටි එකක් තිබ්බම කැතයි...හරි නෑ ඔතන....තව ටිකක් ඉස්සරහට කරන්න...බෑ ඔතනත් ගැලපෙන්නෙ නෑ...ආආආ මෙතන..හෝව් එතනත් ගැලපෙන්නෙ නෑ වගේ...

සෙටි එකේ පැත්තකින් උස්සගෙන ජන්ග්කුක් කියන කියන විදියට එහෙට මෙහෙට ඇදගෙන යන ගමන් හිටපු Lucifer සෙටි එක අතෑරලා ඒකෙන් හති අරින ගමන් වාඩි උනා...

" වාඩිවෙලා හරියනවද හියුන්ග්...කෝ නැගිටින්න...

" අනේ කූ...සෙටි එක තියන්න හරි තැනක් හිතලා මට මේක උස්සන්න කියන්න...එහෙම නැතුව තව අඩියක්වත් හෙල්ලෙන්නෙ නෑ මම"

ඉණට අත ගහගෙන Lucifer දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් වටේට කැරකී කැරකී ගැලපෙන තැනක් හොයන්න ගත්තා...

" මේ ....මේ බිත්තිය ඉස්සරහින් තියන්න හියුන්ග්"

" ෂුවර්ද ඔතනමයි තියන්න ඕන කියල?"

" ඔව් ඔව් මෙතන තමයි "

ජන්ග්කුක් දිහා සැකෙන් වගේ බලපු Lucifer සෙටි එක ජන්ග්කුක් කියපු තැනට ඇල්ලුවේ ජන්ග්කුක් ඉස්සරහට වෙලා බලාගෙන ඉද්දී...

" තව ටිකක් ඉස්සරහට කරන්න හියුන්ග්"

" ඒ උනාට කූ ඔයා මෙතන හිටගෙන කිව්වා මෙතනට අල්ලන්න කියල "

" හරි...ඒ උනාට ඉස්සරහට පස්සට කරලා ගානට ගැලපෙන තැන තියන්න ඕප...ඔතන බිත්තියට ලග වැඩී...ඉතින් පොඩ්ඩක් ඉස්සරහට කරන්න "

ලොකු හුස්මක් පහත දාල ජන්ග්කුක් දිහා බලපු Lucifer සෙටිය පොඩ්ඩක් ඉස්සරහට ඇදලා ඒකෙන්ම වාඩි උනා...

" හ්ම්...ඒක හරි"

සෙටි එකේ වාඩි වෙලා හති දාන Lucifer දිහා බලපු ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වනලා සෙටි එකේ පොඩි පුටු දෙකයි ස්ටූල් එකයි තනියම උස්සගෙන ඇවිත් තියන්න ඕන තැන් වල තිබ්බා...

" ඔය මහන්සි ඇරියා ඇති දැන්...කෝ එන්න මේ මේසෙ අල්ලන්න"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now