ᑕᕼᗩᑭTᗴᖇ 73☠︎︎...

931 191 181
                                    

හොබී ලග වාඩි වෙලා ටිචී බලන ගමන් හිටපු නැම්ජූන් කිචන් එකට යන ජින් දිහා බලාගෙන හිටියා...

" උබ තාම වැඩේ අතෑරියෙ නැද්ද?"

" එහෙම කරන්නෙ කොහොමද හොබා...මම වෙලාවකට හිතනව හිත හදාගන්න...නෑ ඕන නෑ...ජින් කවදාවත්ම මට කැමති වෙන එකක් නෑ...එදා රෑ බීල හිටපු නිසයි ඒ කියල හිතන්න ගත්ත ගමන්ම වගේ මම දකිනව ජින් මගේ දිහා බලනව...මම බලන්නෙ නැතුව ඉද්දී ජින් හොරෙන් බලනව දකිනව මම...ඉතින් කොහොමද කියපන් අතාරින්නෙ"

" උබල දෙන්නම මගෙ බොක්කෙ ෆිට් එක තමයි..ඒ උනාට මට හිතෙනව ජින් උබව වටේ යවනව කියල"

" එයාට ඕන නම් වටේ බැරි නම් කොටුවට හරි ත්‍රිකෝණාකාරව හරි යනව මම"

" එහෙනම් ගුඩ් ලක් බන්"

" තෑන්ක්ස් බන්"

හෙමීට කිචන් එක පැත්තට යන නැම්ජූන් දිහා බලල හිනා උන හොබී ආපහු ටීවී එකට අවධානය දුන්නා...

කිචන් එකට යද්දී ජින් කබඩ් ඇර ඇර මොනවද හොයනව දැකපු නැම්ජූන් ටික වෙලාවක් ජින් දිහා බලාගෙන හීටිය...

" මොනවද බලාගෙන ඉන්නෙ?"

" ඔයා දිහා බලන් හිටියෙ ඉතින්"

" ඇයි බලාගෙන ඉන්නෙ?"

" මෙච්චර කියුට් ලස්සන කෙනෙක් ඉද්දී වෙන මොනවත් දිහා බලන්න ඕන වෙන්නෙ නෑ මට...

" හ්ම් හාකො"

" ඔයා මොනවද හොයන්නෙ ජිනී?"

"පෑන් එක"

" ඒ මොකටද...මොනව හරි උයන්නද යන්නෙ ඔයා?"

" නෑ..."

" එහෙනම් මොකටද පෑන් එක?"

" තවුසෙට ගහල එලවන්න...ගොන් ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්නවකෝ ආව නම්"

නැම්ජූන් තොල් තද කරගෙන බිම බලාගත්තෙ තව කතා කරොත් ඇත්තටම ජින් තමන්ට ගහයි කියල හිතුන නිසා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now