ᑕᕼᗩᑭTᗴᖇ 74☠︎︎...

994 189 189
                                    

සතියකට පසු_____

"මටත් ඔය ඩීල් එකට එන්න ඕන"

" බෑ...එක්කගෙන යන්න බෑ...එතන ප්‍රශ්නයක් උනොත් මට බෑ උබව පරිස්සම් කරන්න "

" මාව පරිස්සම් කරන්න මොකෙක්වත් ඕන නෑ මට"

" ඒ උනාට එක්ක යන්න බෑ"

" මමනෙ ලීඩ...මට එන්න තහනම් කරන්න බෑ උබට"

" ලීඩ උනාට කරන්න දෙයක් නෑ...තව දවස් දෙකකින් මැහුම් කපන්න පුලුවන් කියල ජිමින් කිව්වනෙ...ඒ නිසා මෙහෙටම වෙලා ඉන්නව දවස් දෙකක්...එලියට බැහැල අහුවෙන්න එපා"

ඇසුත් ලොකු කරගෙන වේගාස් දිහා බලාගෙන හිටපු ලුසිෆර් ආපහු කතා කරන්න හදද්දී වේගාස් ලුසිෆර්ට බාදා කරා...

" කොච්චර කියෙව්වත් ඔච්චරයි...තුවාල උන අයව ඩීල් වලට එක්ක යන්නෙ නෑ මම...ඒක වදයක්...ජන්ග්කුක්, උබෙ මිනිහව බලාගනින්...මේකා ඇණයක් වෙනවනෙ"

ලුසිෆර් වේගාස්ට ගහන්න හැදුවට ජන්ග්කුක් ලුසිෆර්ව නවත්තගත්තා...

" යකෝ...මමයි ලුසිෆර්...මමයි මෙතන ලීඩ...උබ කොහොමද කියන්නෙ මට මෙහෙන් එලියට බහින්න එපා කියල"

" උබෙ මල්ලි නිසා කියන්නෙ එලියට බහින්න එපා කියල...අනික මට මෙහෙම ආපහු උබට ඕඩර්ස් දෙන්න ලැබෙන එකකුත් නෑනෙ ඕක හොදටම හොද උනාම...ඉතින් මම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නව "

එහෙම කියපු වේගාස් හිනා වීගෙනම ලීෆ්ට් එක පැත්තට යද්දී ලුසිෆර් වේගාස්ගෙ පස්සෙන් යන්න හැදුවත් ජන්ග්කුක් ලුසිෆර්ව තද කරල අල්ලගත්ත...

" මම තරහයි උබ එක්ක "

" කමක් නෑ...විශේෂ යාලුකමක් තිබුනෙත් නෑනෙ කොහොමත්"

" උබව සහෝදරකමෙන් අස් කරා මම"

" අවුලක් නෑ...කොහොමත් උබ හෙන ඇණයක් මට"

වේගාස් ලුසිෆර් දිහා බලාගෙන හිනාවීගෙම ලිෆ්ට් එකට ගොඩ උනේ වේගාස්ට ගහන්න විදියක් නැතුව ලුසිෆර් අත මිට මොලවන් වැහුන ලිෆ්ට් එක දිහා බලන් ඉද්දී...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now