ᑕᕼᗩᑭTᗴᖇ 54☠︎︎...

1.6K 319 108
                                    

ජන්ග්කුක්ව එක්කගෙන පහලට ආපු Lucifer ජන්ග්කුක්ට වොශ් දාල තමන්ගෙ ඇදුමක් ඇදගන්න කිව්වෙ තාම ජන්ග්කුක්ගෙ බඩු ටික කට්ටිය අරගෙන ආවෙ නැති නිසා...

වොශ්දාගත්ත ජන්ග්කුක් තමන්ට වඩා ටිකක් ලොකුවට තියෙන Luciferගෙ හූඩී එකකුයි ස්වීට් පෑන්ට් එකකුයි තෝරගෙන කණ්ණාඩිය ඉස්සරහට ගියා...කැලැල් වලට ගාන ක්‍රීම් එක හැම කැලලක් උඩම ගාන ගමන් හිටපු ජන්ග්කුක් ගැස්සුනේ තමන්ගෙ ඉණ වටේ එතුන අත් දෙකක් නිසා...

" කූ බය උනාද...?"

" හියුන්ග් එනව දැක්කෙ නෑ මම"

" මම ගාන්නද ඕක...බලු පැටව් වාඩිවෙන්න කලින් වට තුනක් කැරකෙනවනෙ...කූත් නිකන් ඒ වගේ...නැටුමක් වගේ රවුමට රවුමට කැරකෙනව "

" ඔයාට හිනා...මට මේක පිටේ ගාගන්න අමාරුයි තනියම "

" දවස් කීයක් වෙනවද දැනට?"

" හතරයි "

" මාස දෙකක් යද්දී හරි යනව"

" හ්ම් "

Lucifer ජන්ග්කුක්ගෙ කැලැල් උඩ හෙමීට ක්‍රීම් එක ගාල ඉවර කරා...Luciferගෙ දිග ඇගිලි තමන්ගෙ පිට පුරා ඇදෙන සනීපෙට ජන්ග්කුක්ත් දිගටම Lucifer ක්‍රීම් එක ගාල ඉවර වෙනකම් හිටියා...

" කූ ඇදුමක් ගත්තද එලියට?"

" ඔව්...මේ හූඩි එක...කමක් නෑනෙ?"

" මගේ දේවල් ඔක්කොම අයිති කූට...කමක් නැද්ද කියල අහන්නෙ මොකටද?"

" නිකන්...මේක හොදද මට"

ජන්ග්කුක් හූඩි එක ඇදගෙන අත් දෙක දෙපැත්තට දික් කරගෙන තමන් ඉස්සරහ වටයක් කැරකෙනව Lucifer ආසාවෙන් බලාගෙන හිටියා...

" හාවෙක්ව ෂීට් එකකින් ඔතල වගේ...මෙච්චර ලොකු ඇදුම් තෝර ගත්තෙ ඇයි?"

"නැත්තම් ක්‍රීම් ගෑවෙනවනෙ ඇදුමෙ...ඒකයි"

" හ්ම්...තුරුල් කරගන්න බැරිද ඉතින් මට?"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now