ᑕᕼᗩᑭTᗴᖇ 67☠︎︎...

1.1K 213 139
                                    

ගහට හේත්තු වෙලා ලැප් එක දිහා බලාගෙන ඉදපු ජිමින් ඉක්මනට ජන්ග්කුක්ට කතා කරා...

" ජන්ග්කුකා...එයාල පිටත් උනා...තව පැය දෙකෙන් වගේ මෙතනට ඒවි"

" හරි හැමෝම රෙඩි වෙන්න "

ශාන්ගෙ ගාඩ්ලත් එක ජන්ග්කුක්ගෙ කට්ටිය එතන තිහක් ඉද්දී ජන්ග්කුක් ජිමින් ඉන්න ගහ ලගට ඇවිත් හැංගුනේ ජිප් එයාලට ලන් වෙද්දී බලාගන්න ඕන නිසා...

<>

කැලේ පටන් ගන්න හරියෙදි විතර ලුසිෆර් දිහා බලපු මින්හෝ කතා කරා...

" කැලේ කොතනින්ද ඇතුලට යන්න ඕන අපි?"

" ඔහොමම ඉස්සරහට යද්දී තව මීටර් පහලොවකින් විතර ලොකු ගහක් තියෙනව...එතනින් එලියට පෙනුනෙ නැති උනාට ඇතුලට පාරක් තියෙනව පදුරු වලින් වැහිල...ඒකෙන් පොඩි දුරක් ඇතුලට ගිහින් ජිප් නවත්තල පයින් යන එක තමයි හොද...නැත්තම් එයාලට සද්දෙ ඇහෙයි"

" හ්ම්....ඉක්මන් කරමු"

ලුසිෆර් කිව්ව වගේම හම්බවුන ලොකු ගහ ලගින් ඇතුලට පාරක් තියෙද්දී මින්හෝගෙ මූණෙ ජයග්‍රාහී බවක් ඇදෙනව හ්වාන් බලන් හිටියත් මේ යන ගමන ගැන එච්චර හොද හැගීමක් හ්වාන්ට දැනුනෙ නෑ...තමන් පලවෙනි පාරට මෙහෙම ගමනකට ආව නිසා වෙන්න ඇති කියල හිතාගත්ත හ්වාන් ටිකක් අමාරුවෙන් වාඩිවෙලා ඉන්න ලුසිෆර්ට අවධානය දුන්නා...

ටික දුරක් ඇවිත් ජිප් දෙක නතර කරපු මින්හෝ මුලින්ම ජිප් එකෙන් එලියට බැහැල අනිත් අයට බහින්න උදව් කරා...ලුසිෆර් එක්ක මියුන්ග් හ්වාන් දෙන්න බැස්සම හැමෝම දිහා හොදට බලපු මින්හෝ ටෝච් එලිය පාරට එල්ලකරගෙන ඉස්සරහට ගියේ අනිත් හමුදාවෙ අය තමන්ගෙ වටපිටාව ගැන අවධානෙන් ඉද්දී...

තව ටික දුරක් ගියාට පස්සෙ නැවතුන මින්හෝ ලුසිෆර් දිහා බැලුවා...

" තව ටික දුරයි...ඒ හරියෙ තියෙන්නෙ ලොකු උස ගස් විතරයි...ගස් ටික පටන් ගන්න හරියෙ ඉදල වගේ බලාගෙන යන්න "

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now