ᑕᕼᗩᑭTᗴᖇ 36☠︎︎...

1.5K 284 150
                                    

තමන්ගේ painting එක ඇදල ඉවර කරපු ජන්ග්කුක් Luciferගෙ පැත්ත හැරුනෙ Lucifer ඇදපු චිත්‍රෙ බලන්න...ඒත් කැන්වස් එකේ පාට පාට ඉරි දෙක තුනක් ඇදල තියෙනව විතරයි ජන්ග්කුක්ට බලාගන්න පුලුවන් උනේ...

" හියුන්ග් ...කෝ චිත්‍රෙ...අඩුම කූටුබලියක් අදින්න තිබ්බා...එහෙමවත් නැතුව කැන්වස් එක කාල දාලනෙ ඔයා"

" මම ඒක කෑවෙ නෑ...මේ හොදට තියෙන්නෙ කැන්වස් එක...මේ අතට අරගන්න පුලුවන් මේක"

" ඔයත් එක්ක කතා කරල තේරුමක් නෑ"

" චිත්‍රයක් අදින්න තමයි හැදුවෙ...ඒ උනාට මගේ කූ කට උල් කර කර චිත්‍ර අදින දිහා බලාගෙන ඉන්න ආස හිතුනා මට"

" පැය දෙකක් විතර ගිහින් චිත්‍ර අදින්න අරගෙන...එච්චර වෙලා මගේ දිහා බලන් හිටිය කියලද කියන්නෙ ඔය...බොරු කියන්න එපා හියුන්ග්...ඔයා ෆෝන් එක ඔබ ඔබ ඉන්න ඇති"

" ඔයා පල්ලා නෑ"

" මම පල්ලා!!! අනේ ඇත්තටම...ඔයා ඔය දැන් කිව්වෙ බොරුවක් නිසා මම මැරේවී"

" පිස්සුද කූ...ඔය දිව්රන එක මේ ලෝකෙ තියෙන ලොකුම බොරුවක්...එයාපල්ලා මෙයාපල්ලා කියල බොරු කිව්වට මොකුත් වෙන්නෙ නෑ...අනික මම ඇත්ත කිව්වෙ...කූ තමයි මට මගෙ ජීවිතේ ඉන්න වටිනම කෙනා..මටත් වඩා මට කූව වටිනවා...ඒකයි ඔයා පල්ලා කියල කිව්වෙ"

" පැය දෙකක් තිස්සෙ මගේ දිහා බලාගෙන ඉන්න එක එපා උනේ නැද්ද?"

" ම්හ්...වෙලාව යනව දැනුනෙ නෑ...උබට තියෙන්නෙ කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නෙ නැති රූපයක්...දැන් ඔය ඇදපු එකේ තේරුම කියන්න කෝ මට"

"මේ ඉන්නෙ ඔම්මා , ඊලඟට මම...ඊලඟට අප්පා...අපි අන්තිමට ගිය ෆැමිලි ට්‍රිප් එක ඔය"

" පොඩි ලමයෙක්ව ඇන්දෙ කූ එතකොට ගොඩක් පොඩි නිසාද?"

" මට එකොලහයි එතකොට "

" හ්ම්...කූ කැමති නම් මම ඕක frame කරල දෙන්නම්"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now