ᑕᕼᗩᑭTᗴᖇ 51☠︎︎...

1.2K 303 276
                                    

" ගුක්...මේ කේක් කෑල්ල ටේබල් 14ට ගෙනියන්න "

"මගෙ කකුල් රිදෙනව...වාඩිවෙලා ඉන්න දියන් මට"

" එහෙනම් මේ ජූස් ටික හදනවද?"

" බෑ "

" එහෙනම්...ගෙනියන්න මේක"

" හුම්"

උදො ඉදලම කැෆේ එකේ සෙනග වැඩි නිසා ජන්ග්කුක්ට එපා වෙලා හිටියේ...ඕඩර් එහෙට මෙහෙට අරගෙන ගිහිල්ලම ජන්ග්කුක්ට මහන්සියි...ජැක්සන්ගෙන් කේක් ප්ලේට් එක උදුරලා වගේ ගත්ත ජන්ග්කුක් ඒක ට්‍රේ එකේ තියාගෙන අරගෙන ගියා...ටේබල් 14ට ගියපු ජන්ග්කුක් එතන ඉන්න කෙල්ලගෙ මූණ බලන්නෙ නැතුව කේක් එක මේසෙන් තියලා එන්න හදද්දී කෙල්ල ජන්ග්කුක්ට කතා කරා...

" හැන්ඩ්සම්...මම මේ ජාතියේ කේක් එකක් නෙවෙයි ඕඩර් කරේ"

" ඒ උනාට ඔය නම තමයි ඕඩර් එකේ තිබුනෙ"

" ඔයාල වැරදියට ලියාගන්න ඇති"

" මොකක් හරි...ඕකත් කේක් එකක්...කාල බිල් එක ගෙවන්න "

ජන්ග්කුක් හැරිල යන්න හදද්දී කෙල්ල සද්දෙන් පුටුව පස්සට කරලා නැගිට්ටා...

" කෝ තමුන්ලගෙ මැනේජර්...තමුන්ව අස් කරන්න කියල කියනව මම ...කෝ මැනේජර්"

" Mr.Chan...මේ කස්ටමර්ට ඔයාව මීට් වෙන්න ඕනලු"

එහෙම කියපු ජන්ග්කුක් කේන්ති ගිහින් ඉන්න කෙල්ලව ගනන් නොගෙන ඇතුලට ගියා...

" මොකෝ බන් එලියෙ සද්දෙ?"

" අර කෙල්ල අන්කල් චෑන්ට ලයින්ද කොහෙද "

" නෑ..."

" නෑ නෙවෙයි ඔව්...තව ටිකකින් එයි මට තෑන්ක්ස් කරන්න"

ටිකකින් එලියෙ ඇහුන සද්ද ටික නැවතුනාම ජන්ග්කුක් දොර දිහා බලාගෙන හිටියේ Mr.Chan එනකම්..ඉක්මනට ඉක්මනට ඇහෙන බර අඩි හඩින් Mr.Chanට කේන්ති ගිහින් බව ජන්ග්කුක්ට තේරුනා...දොර ඇරගෙන Mr.Chan ඇතුලට ආවම ජන්ග්කුක් ගොඩක් සන්සුන්ව චෑන් දිහා බැලුවෙ තමන් මුකුත් කරේ නෑ වගේ...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now