ᑕᕼᗩᑭTᗴᖇ 21☠︎︎...

1.8K 346 313
                                    

වොඩ්කා එක බීලා ඉවර කරපු Lucifer සෝෆා එකට හේත්තු වෙලා ඔහේ සිවිලිම දිහා බලාගෙන හිටියා...කොන්ඩෙ අත් වලින් පස්සට අදින ගමන් කෑ ගහපු Lucifer හිස් වොඩ්කා බෝතලේ අරගෙන ඉස්සරහ බිත්තියට විසික් කරල ගැහුවා...සෝෆා එකෙන් නැගිටපු Lucifer ගියේ කාමරේට...ජන්ග්කුක්ගෙ කොට්ටෙ බදාගෙන Lucifer ඇදේ හාන්සි උනා...

කොට්ටෙන් දැනෙන ජන්ග්කුක්ගෙ සුවද විදිනගමන් Lucifer හෙමීට අඩන්න ගත්තා...කවුරු හරි පිටට තට්ටුවක් දාල ' හැමදේම හොදින් වෙයි ' කියල කියනව අහන්න Lucifer ට ඕන උනා...ඉස්සර වගේ හොබීට තුරුල් වෙලා අඩන්න ඕන උනා...

ෆෝන් එක අතට අරගෙන හොබීට කෝල් කරන්න නම්බරේ ගත්ත Lucifer දැක්කෙ තමන් කලින් හොබීට අරගෙන තියෙන කෝල්...ඔක්කොම විනාඩි පහළොවකට වත් අඩු ඒවා...හැමදේම නිසා තමන්ට ජීවිතේ වැදගත් දේවල් ගොඩක් මග ඇරිල වගේ Luciferට දැනෙන්න ගත්තා...ආපහු ෆෝන් එක පැත්තකට දාපු Lucifer ඇදේ අනිත් පැත්තට හැරුනා...එතකොටයි Lucifer ඔස්කාව දැක්කෙ...වීදුරුවට ඇණ ඇණ දිගටම දෙපැත්තට වැනි වැනි දගලන ඔස්කාව දැක්කමයි Luciferට මතක් උනේ තමන්වත් ජන්ග්කුක්වත් ඔස්කාට අද කෑම දුන්නෙ නැති බව...

" බලන්න කොල්ලො...උන දේවල් එක්ක පපාටත් උබව අමතක වෙලා වගේ...ඩැඩාට සොරි හොදේ...තරහ වෙන්න එපානෙ...දැන් උබයි මමයි නෙ මේ ගුහාවෙ තනියම ඉන්නෙ..."

ඔස්කාට කෑම දාපු Lucifer ඔස්කා ඔක්කොම කෑම ඇට ටික ඉක්මනට කන විදිය බලාගෙන හිටියා...

" දවසක් කෑම නොකා උබ ඔහොම පිස්සා වගේ කනව නම් දවස් තුනක් විතර නොකා හිටියොත් උබ මැරිල යයිනෙ ඔස්කා...ඒ උනාට ඔස්කා මම එහෙම නොකා ඉදල තියේ...මාව එදා බේරගත්තෙ හොබානෙ...ඌ ආවෙ නැත්තම් සිරාවටම එදා මම මැරිලා...කාල ඉවරද උබ ඔය...තව දැගලුවට දෙන්න බෑ...ඔයාගෙ පපා කෑම ඔච්චරයි ඔයාට දෙනව මම දැකල තියෙන්නෙ...තව කන්න ඕන නෑ ඒ නිසා...ඒ බන්, පොක් පොක් නොගා නිකන් වෙන විදිහකට කට හදපන්කෝ...අර හාදු දෙන විදියට...උම්මා කියල...අර මම පපාට හාදු දෙන්නෙ අන්න එහෙම කට හදපන්කෝ...බෑනෙ නේද...එක්කො එපා...උබව අංගවිකල වෙලා වගේ පෙනෙයි..."

කෑම කාල ඉවර වෙලා සන්සුන්ව එහෙ මෙහෙ පීනන ඔස්කා දිහා Lucifer බලාගෙන හිටියා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now