ᑕᕼᗩᑭTᗴᖇ 46☠︎︎...

1.1K 301 164
                                    

ඔලුව පුරා ඇදෙන ඇගිලි පහසෙ සනීපෙට Lucifer තවත් ඒ අතට බර උනා...

" මගෙ ඔලුව කැක්කුමයි කූ"

" හ්ම්..."

" තව ටිකක් ඔලුව අතගාන්නකෝ ඔහොම "

" හ්ම්...මම කූ නෙවෙයි බන්"

ඉක්මනට නැගිටපු Lucifer තමන්ගෙ ඉස්සරහ වාඩිවෙලා ඉන්න හොබී දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා...දෙයක් මතක් උනා වගේ තුරුල් කරගෙන හිටපු ජන්ග්කුක්ගෙ කොට්ටෙ ඉක්මනට පැත්තකට දාපු Lucifer ඇදෙන් බැස්සා...

" උබ කෑම අරගෙන ආවද පහලට?"

" ඔව්..."

" කන්න යමු...මම මූණ හෝදගෙන එන්නම්"

" උබේ ඔලුව කැක්කුම ද?"

" එච්චර අවුලක් නෑ හොබා...ලාවට කැක්කුමයි"

" කාල painkillers ගන්න...එතකොට හරි"

" හ්ම්...මම මූණ හෝදගෙන එන්නම්"

කාමරෙන් එලියට ගියපු හොබී Luciferටත් එක්ක කෑම බෙදුවා...

වොෂ්රූම් එකට ආපු Lucifer කණ්ණාඩියෙන් පේන තමන්ගෙ රූපෙ දිහා බලාගෙන හිටියා...ලාවට වැවීගෙන එන රැවුල අතගාපු Lucifer වතුර ටිකක් අත් වලට අරගෙන කොණ්ඩෙ පිටිපස්සට කරලා මූණ හෝදගෙන එලියට ගියා...

" මම එනකම් හිටියෙ ඇයි හොබා...කන්න පටන් ගන්න තිබුනනෙ"

" එහෙම හරි නෑනෙ"

" කමු දැන්"

හොබීට කමුයි කියල වාඩිඋනත් Lucifer කරේ කටවල් දෙකක් විතර කාල කෑම එක අතගගා හිටපු එක...

" ටේයා..."

"හ්ම්..."

" කන්න බැරිද උබට?"

" මේ කෑම වල රහට ආස නෑ මම"

" යකෝ...මගෙ බබී ඉව්වෙ ඔය ටික...කාපන් මැරුම් නොකා මගෙන්"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now