ᑕᕼᗩᑭTᗴᖇ 49☠︎︎...

1.1K 302 207
                                    

උදේ හතට විතර ජන්ග්කුක්ට ඇහැරුනේ තමන්ගෙ පපුව උඩ බරක් දැනුන නිසා....ජන්ග්කුක් පපුව උඩ තියෙන දේ එහාට කරන්න අත ඉස්සුවත් ඒ දේ එකපාරටම ජන්ග්කුක්ගෙ පපුව උඩ උඩපැන්නෙ ජන්ග්කුක්ගෙ නිදිමත අතුරුදහන් කරවලා...

ඉක්මනට ඇස් ඇරිය ජන්ග්කුක් බැලුවෙ තමන්ගෙ පපුව උඩ ඉන්නෙ කවුද කියල...ඇසුත් ලොකු කරගෙන පුංචි රෝස පාට දිවත් එලියට දාගෙන ඔලුව ටිකක් පැත්තට ඇල කරගෙන ජන්ග්කුක් දිහා බලාගෙන හිටියෙ බලු පැටියා...ජන්ග්කුක් ඇහැරිලා ඉන්න බව දැකපු බලු පැටියා ජන්ග්කුක්ගෙ මූණම ලෙව කන්න ගත්තෙ ජන්ග්කුක් හිනා වෙවී බලු පැටියව එහාට කරන්න හදද්දී...

" නසරාණි කොල්ල...පපාට හාට් ඇටෑක් හදවන්නද හැදුවෙ?"

බලු පැටියව තුරුල් කරගෙන ජන්ග්කුක් ආපහු නිදාගන්න හදද්දී බලු පැටියා කෙදිරි ගෑවා...

" මොකද ඒ පාර...බඩගිනිද...ඔහ් බඩගිනි ඇතිනෙ...යමු අපි...මොනව හරි හදන් කමු දෙන්න එක්ක "

ඇහැකුත් කහන ගමන් ඇදෙන් බැහැපු ජන්ග්කුක් තමන්ගෙ කකුල් වලට පාපිස්ස තෙතට දැනෙන්නෙ ඇයි බලන්න පාපිස්ස දිහා බැලුවමයි දැක්කෙ පාපිස්සෙ ලොකුවට තෙත් උන පැල්ලමක් තියෙන බව...තමන් ලගම පාපිස්සට එහායින් හිටගෙන ඉන්න බලු පැටිය දිහා බලපු ජන්ග්කුක්ගෙ කේන්තිය ඒ හුරතල් මූණ දැක්කම නැති වෙලා ගියා...

" උදෙන්ම වැඩ අල්ලල නෙ...බනින්නත් බෑ බන් ඔය මූණ බලාගෙන "

ඇගිලිතුඩු වලින් ඇවිදගෙන වොශ්රූම් එකට ගිය ජන්ග්කුක් වොෂ්දාගෙන ඇවිත් බලු පැටියගෙ කකුලුත් හෝදලා පිහිදාල පාපිස්ස හෝදලා වේලෙන්න දැන්මා....

" ඔය දරුව නිසා මට වැඩ එක දෙක වෙන පාටයි...හුම්...මොනව කරන්නද...ලමයිව හදාගන්නකම් මේ දුක් විදින්න එපැයි"

තමන් එක්ක තනියම කතාකරපු ජන්ග්කුක් කිචන් එකට ගිහින් බත් එකක් හැදෙන්න තිබ්බා...

" මේ පොඩි එකෝ...ඔයාලටත් ඔය සීරිලයල් වගේ කෑම තියෙනව නේද...එක එක ඇට ජාති...ඒව ගත්ත නම් ඉවරයි...බත් හදන එක වදයක්...දවසට එක වේලක් බත් කෑවම ඇති...තේරුනාද...එක පාරක් ඇති..."

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now