ᑕᕼᗩᑭTᗴᖇ 28☠︎︎...

1.7K 318 230
                                    

ජන්ග්කුක් Lucifer එක්ක පොඩි එක්කෙනාගෙ කාමරේට එද්දී කියල ගිය විදියටම පොඩි එක්කෙනා ඇද උඩ වාඩි වෙලා ඉන්නව...

" ඇයි පරක්කු උනේ අලුත් හියුන්ග්?"

" කතා කරන්න වෙලා ගියානෙ ඉතින්"

" අර අර ටෙඩීවත් බබාගෙ බෑග් එකට දාන්න හියුන්ග්"

" මට බබාව එක්ක යන්න වෙන්නෙ නෑනෙ දැන්...."

" දැන් හියුන්ග් කිව්වෙ බබාව එක්ක යනව කියල"

" හියුන්ගෙ ගෙදර කැඩිලලු...ඔයාලගෙ හියුන්ග් කිව්වෙ මට දැන්"

" අයියෝ අලි වැඩේ නෙ...හියුන්ග් කෝද ඉන්නෙ දැන්?"

" හියුන්ග් කොහේ හරි ඉන්නව අනේ...බබා එතකන් මෙහේ ඉන්න හොදේ...මගෙ හොද පොඩි එකානෙ"

" බබා පව්නෙ...

" කෝ කෝ අඩන්න එපා...හොද ලමයනෙ...අඩන්න එපා ඉතින්..."

ඇදෙන් වාඩි උන Lucifer ජන්ග්කුක් ලගට වෙලා අඩන පොඩි එක්කෙනාව උකුලට ගත්තා...

" මේ අහන්නකෝ බබා...මේ හියුන්ග්ගෙ ගෙදර කැඩිලනෙ...ඉතින් ගෙදර හදපුවම හියුන්ග් ඇවිත් බබාව එක්ක යයි...බබා එතකම් මෙහේ ඉන්න හොදද"

" ඇත්තටම ද හියුන්ග්?"

" ඔව්නෙ හියුන්ග් බොරු කියන්නෙ නෑනෙ"

ජන්ග්කුක් තමන්ගෙ ඇගේ ගෑවෙන්නම ලන් වෙලා උරහිසෙන් ඔලුව තියාගන්නව Luciferට දැනුනා...

" මොකද කූ?"

" ඉස්සරහ බලන්න ඔහොමම"

ඔලුව උස්සල ඉස්සරහ බලපු Lucifer දැක්කෙ පොඩි එක්කෙනාගෙ කාමරේ තියෙන කණ්ණාඩිය කෙලින් එයාල තුන්දෙනා වාඩිවෙලා ඉන්න බව...තමන්ගෙ ශර්ට් එක චූටි අත් වලට ගුලි කරගෙන තමන්ට තුරුල් වෙලා ඉන්න පොඩි එක්කෙනයි තමන්ගෙ උරහිසට ඔලුව තියාගෙන පැත්තෙන් තමන්ට තුරුල් වෙලා ඉන්න ජන්ග්කුක් එක්ක පුංචි පවුලක රූපයක් Lucifer කණ්ණාඩියෙන් දැක්කා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now