ᑕᕼᗩᑭTᗴᖇ 82☠︎︎...

1.4K 184 92
                                    

කලින් දවසෙ ලුසිෆර්ට කලින් නිදාගන්න ආව ජන්ග්කුක්ට වේලාසන ඇහැරෙද්දී තාමත් නිදාගෙන ඉන්න ලුසිෆර් දිහා ජන්ග්කුක් බලන් හිටියෙ වෙලාව උදේ දහයත් පහුවෙලා නිසා ලුසිෆර්ව ඇහැරවනවද නැද්ද කියල හිතන ගමන්...

ඊයෙ දවසෙම මලගෙදර නිසා මහන්සි උන ලුසිෆර් ජන්ග්කුක්ට වේලාසන නිදාගන්න යන්න දිලා පහල වැඩ වලටත් උදව් වෙලා නිදාගන්න එද්දී උදේ හතර විතර වෙලා තිබ්බ නිසා ජන්ග්කුක් ලුසිෆර්ව ඇහැරවන්නෙ නැතුව ඇදෙන් බැහැල ගියේ ලුසිෆර් නිදාගෙන හිටියත් ඒ මූණෙ මහන්සි පාට පේන්න තිබුන නිසා...

වොශ් එකක් දාගෙන පහලට ගියපු ජන්ග්කුක් පහල කිචන් එකට යද්දී එතන හිටපු කෝකියෝ පුදුමෙන් ජන්ග්කුක් දිහා බැලුවෙ ජන්ග්කුක් වෙනද තනියම එතනට ඇවිත් නැති නිසා...

" ගුඩ් මෝනින් සර්...සර්ට මොනවද ඕන?"

" ගුඩ් මෝනින්...මම මෙතන මොනව හරි හැදුවට කමක් නෑ නේද?"

" සර් මහන්සි වෙන්න එපා...ලෝඩ් අපිට බනීවි සර්ව මහන්සිකරා කියලා...සර්ට මොනවද ඕන කියන්නකෝ...අපි හදල දෙන්නම්"

" මට ලෝඩ්ට මගේ අතින් කෑමක් හදන්න ඕන...ඔයාලට ඕනම නම් මට පෑන් කේක් හදන්න ඕන බඩු ටික එක තැනකට තියල දෙන්න "

" ඔහ්...හරි සර්...හැබැයි සර් , ලෝඩ් අපිට බැන්නොත් අපිව බේරගන්න හොදද"

" එහෙම බනින්නෙ නෑ...හියුන්ග් හරි ආසයි මම හදපු කෑම කන්න "

ජන්ග්කුක් කියපු විදිහටම කට්ටිය ජන්ග්කුක්ට ඕන බඩු ටික දීලා පැත්තකට වෙලා ජන්ග්කුක් උයන විදිය බලන් හිටියා...

ජන්ග්කුක් විනාඩි තිහක් විතර යද්දී පෑන්කේක් හදල ඉවර කරලා ඒව පිගන් දෙකකින් තියලා ස්ට්‍රෝබෙරි වලින් සැරසුවා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now