ᑕᕼᗩᑭTᗴᖇ 77☠︎︎...

998 182 55
                                    

කාමරේට ආවම වොශ්රූම් එක පැත්තෙන් වතුර වැටෙන හඩ ඇහෙද්දී ජන්ග්කුක් වොශ්දාන බව තේරුන ලුසිෆර් ආපහු කාමරෙන් එලියට ගියේ කෑම අරගෙන එන්න...

ප්ලේට් දෙකකට කෑම අරගෙන ආව ලුසිෆර් කාමරේට එද්දී ජන්ග්කුක්ත් වොශ්රූම් එකෙන් එලියට ඇවිත් තිබුනා...

" හියුන්ග් කාමරේටම ගෙනාවද...දැන්ම කමු එහෙනම්"

" හ්ම්..."

ලුසිෆර් මොකුත් නොකිය ඇදෙන් වාඩිවෙලා ජන්ග්කුක්ගෙ ප්ලේට් එකත් එහායින් තියලා කන්න ගනිද්දී ජන්ග්කුක් බලන් හිටියෙ ලුසිෆර් තමන්ට කන්න කියලවත් කිව්වෙ නැති නිසා...

" හියුන්ග්..."

" හ්ම් ..."

" මොකක් හරි අවුලක්ද?"

" නෑ "

ලුසිෆර් අවුලක් නෑ කියල කිව්වත් මොකක් හරි ප්‍රශ්නයක් බව තේරුන ජන්ග්කුක් තනියම කොණ්ඩෙ පිහිදගන්න ගත්තෙ ලුසිෆර් තමන්ට තාම කන්න කියල කිව්වෙ නැති නිසා...

ටික වෙලාවකින් ලුසිෆර් දිහා බලපු ජන්ග්කුක් දැක්කෙ ලුසිෆර් කාල ඉවර වෙන්නත් ලන්බව...

" මොකක්ද අවුල කියල කියන්නකෝ හියුන්ග්...කට පියන් හිටියම මම කොහොමද දැන ගන්නෙ ප්‍රශ්නෙ මොකක්ද කියල "

" ඇවිල්ලා කන්න දැන්"

" බෑ...මට කන්න ඕන නෑ"

" හ්ම් "

" අනේ ඇයි කියල කියන්නකෝ"

ලුසිෆර්ගෙන් උත්තරයක් නැතිම තැන ඇදට ගිහින් ලුසිෆර් ලගින් වාඩි උන ජන්ග්කුක් ලුසිෆර්ගෙ අත අල්ලන්න හැදුවත් ලුසිෆර් අත එහාට ගනිද්දී ජන්ග්කුක්ගෙ ඇස් වල කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...

සද්ද නැතුව කන ගමන් හිටපු ලුසිෆර් පොඩ්ඩක් පැත්ත හැරිල බැලුවෙ ජන්ග්කුක් දිගටම මූණ පිහිදානව වගේ පෙනුන නිසා...ඒත් නොහිතපු විදියට ජන්ග්කුක් අඩනව කියල දැකපු ලුසිෆර් ඉක්මනට කෑම එක පැත්තකින් තියලා ජන්ග්කුක්ගෙ මූණට එබුනෙ ජන්ග්කුක් දිගටම අඩද්දී...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now