ᑕᕼᗩᑭTᗴᖇ 69☠︎︎...

1K 209 44
                                    

ලුසිෆර්ව ඇහැරෙන්නෙ නැති වෙන්න ලුසිෆර්ගෙ එහා පැත්තෙන් ඇදේ හාන්සි වෙලා හිටිපු ජන්ග්කුක් ලුසිෆර්ගෙ කෝණ්ඩෙ අතරින් ඇගිලි යවන ගමන් තාම මහන්සි ගතිය සටහන් වෙලා තියෙන ඒ කඩවසම් මූණ දිහා බලන් හිටියා...

ඒ උනාට ජන්ග්කුක්ගෙ අවධානය වෙනස් උනේ ලුසිෆර් ඇස් තද කරල පියාගෙන මොනවද මුමුණන්න ගත්ත නිසා...

" හියුන්ග්...හියුන්ගී..."

" එපා...ඔම්මා...නැගිටින්න ආපහු...ඔම්මා...

ලුසිෆර් කියන දේ ඇහුන ජන්ග්කුක් තව කලබල උනේ ලුසිෆර් නින්දෙන්ම අඩන්න ගත්ත නිසා...

" හියුන්ග් ඇහැරෙන්න...ඕක හීනයක් හියුන්ග්...අනේ ඇහැරෙන්නකෝ...හියුන්ග්..."

ලුසිෆර්ගෙ උරහිස් වලින් අල්ලල හොලවපු ජන්ග්කුක් ලුසිෆර් ඇස් ඇරපු ගමන්ම ලුසිෆර්ගෙ නලලට නලල හේත්තු කරගෙන ලුසිෆර්ගෙ ඔලුව අතගාන්න ගත්තා...

" ඒක හීනයක් හියුන්ග්"

" කූ...මගෙ ඔම්මා...

" හියුන්ගි හීනයක් දැක්කෙ දැන්...අපි මේ තාම ශාන්ගෙ මැන්ශන් එකේ ඉන්නෙ"

" මට ආපහු එහෙට යන්න ඕන නෑ කූ...හැමදේම ආපහු මතක් කරගන්න ඕන නෑ මට"

" හියුන්ග් මට කියපු නැති දේවල් තියෙද?"

" කීයක් දේවල් කියල කියන්නද කූ...මට සමහර දේවල් මතකත් නැතුව ඇති දැන්"

" ඉස්සර මොන දේ උනත් ඒවට දැන් කරන්න පුලුවන් දෙයක් නෑ...හියුන්ග් බය වෙන්න එපා...මම ඉන්නවනෙ හියුන්ග් එක්ක "

" බයක් නෙවෙයි කූ...බය නම් අද වෙද්දී මම කියල කෙනෙක් නෑ...මට ඒ උනාට තාම ඔම්මව මතක් වෙද්දී දුකයි...මහ මූසල හැගීමක් දැනෙන්නෙ එහේ මතක් වෙද්දීත්"

" එහේ කියන්නෙ වේගාස් ඉන්න තැනද ?"

" හ්ම් ඔව් "

" එතන තාම ඉස්සර වගේ නැතුව ඇති හියුන්ග්..."

" ඉස්සර වගේ නෑ තමයි..මම ඒව වෙනස් කරලයි කොරියාවට ආවෙ...ඒ උනත් මට දේවල් මතක් වෙනව වැඩියි එහේ ඉද්දී...ඒකයි..."

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now