ᑕᕼᗩᑭTᗴᖇ 29☠︎︎...

1.5K 315 208
                                    

ජන්ග්කුක් එක්ක කැබ් එකට නගින්න ආව Luciferව ජිමින් නැවැත්තුව...

" බන් මට උබ එක්ක ටිකක් කතා කරන්න ඕන"

" මොකක්ද බන්...තොපි ටික අද මට බිල දාපු එක ගැනද ?"

" අපෝ...ඒව උබේ යුතුකම්...ඒක ගැන මොනව කතා කරන්න ද...වෙන දෙයක් ගැන කතා කරන්න ඕන මට"

" කියපන් ඉතින්...මොකක්ද?"

" තනියම කතා කරන්නයි ඕන මට"

" තනියමනෙ අපි මේ ඉන්නෙ"

" ජන්ග්කුක්ට යන්න කියන්න "

" එයාගෙන් හංගන්න දෙයක් මට නෑ ජිමිනා...ඉස්සරහට එයා හැමදේම දැනගන්න එපැයි කොහොමත්"

" ඒත් මේක මට තනියම කතා කරන්න ඕන"

" ජිමින්...

" කමක් නෑ හියුන්ග්...මම ඇතුලෙ ඉන්නම් ,හියුන්ග් කතා කරගෙන එන්න"

Luciferට උත්තර දෙන්න ඉඩ දුන්නෙ නැති ජන්ග්කුක් කැබ් එකෙන් වාඩි උනා...


" ජිමින් එයා ඔයාලගෙ Queen...එයාට එහෙම සලකන්න බෑ ඔයාට "

" උබ තාම එයා හරියට Queen බව අනවුස් කරේ නෑනෙ...ඉතින් මම මොකටද මගෙ විදිය වෙනස් කරන්නෙ?"

" උබෙ විදිය ඔහොම නෙවෙයි"

" ඒ උනාට ජන්ග්කුක්ට මීට වඩා හොදට සලකන්න මම දන්නෙ නෑ"

" මේ විකාර අහගෙන ඉන්නද දැන් කතා කරන්න ඕන කිව්වෙ ?"

" කොහෙද උබ මම කියන්න ආව වැදගත් දේ මට අමතක කරානෙ...මොකක්ද මේ මේ...ආආආ ...උබ දැනට අපිට පහලට එන්න බැරි වෙන්න පාස්වර්ඩ් අයින් කරල මාස එකහමාරකට කිට්ටුයි...ඇති නැද්ද උබට දැන්වත්?"

" ඒකෙ අවුල මොකක්ද?"

" අවුල මොකක්ද අහන්නෙ...අපේ fingerprint ආපහු ඇක්ටිව් කරපන් හු#තෝ...උබට අපි ගැන ගානක් නැති උනාට අපි උබ ගැන වද වෙනව...ඒක නිසා ඕක ඇතුලට අපිටත් එන්න දියන් දැන්වත්"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now