ᑕᕼᗩᑭTᗴᖇ 62☠︎︎...

884 223 130
                                    


නින්ද ගිහින් හිටපු ලුසිෆර්ට ඇහැරුනේ මූණට වැදුන සීතල වතුර පාරක් නිසා...ඉස්සරහ බලපු ලුසිෆර් දැක්කෙ හමුදා ඇදුමෙන් ඉන්න බ්‍රිගේඩියර් මින්හෝව...

කලින් දවසෙ උන සිදුවීම් එක පෙලට මතක් වෙද්දී ලුසිෆර් බර හුස්මක් පහත දැන්මා...අත් දෙකම රෑ තිස්සෙ දම්වැල් වලට හිරවෙලා තිබුන නිසා දැනෙන වේදනාව නොසලකා හැරපු ලුසිෆර් බ්‍රිගේඩියර් මින්හෝගෙ පිටිපස්සට වෙලා හැංගිලා වගේ ඉන්න කෙල්ලට අවධානය දුන්නා...ඒ කෙල්ලව අදුරගන්න ලුසිෆර්ට අමාරු උනේ නෑ...කෙල්ල දිහා බලල ලුසිෆර් කට කොනින් හිනා උනාම කෙල්ල තවත් බ්‍රිගේඩියර් මින්හෝගෙ ඇගට මුවාඋනා...

තමන්ගෙ පිටිපස්සට වෙලා ඉන්න seulගෙ අතින් අල්ලල ඉස්සරහට ගත්ත බ්‍රිගේඩියර් මින්හෝ seul දිහා බැලුව...

" ඔයාට මේ කෙනාව මතකද?"

ටික වෙලාවක් බය උන ඇස් වලින් ලුසිෆර් දිහා බලාගෙන හිටපු seul ඔලුව දෙපැත්තට වැනුවා...

" ලාවට හරි මතක් වෙන්නෙ නැද්ද...නිකන් දැකල පුරුදුයි වගේ කියලවත් හිතෙන්නෙ නැද්ද?"

" නෑ...ඒ උනාට...

" ඒ උනාට මොකක්ද?"

තව දුරටත් ලුසිෆර් දිහා බලාගෙන ඉන්න බෑ කියල දැනෙද්දී seul ඉක්මනට කූඩුවෙන් එලියට දුවල ගිහින් එලියෙ හිටපු හ්වාන්ව බදාගත්තා ...

" seul...මොකද උනේ....මොකෝ දරුවො මේ වෙව්ලන්නෙ?"

" ම..මට බයයි...ඒ මනුස්සයව දැක්කම මට බය හිතෙනව...එයා මගේ දිහා බලන විදියට මට බය හිතෙනව."

" හරි දැන් බය වෙන්න එපා...මම ඉන්නවනෙ.."

Seul හ්වාන්ට තුරුල් වෙලා කියපුව අහගෙන හිටපු බ්‍රිගේඩියර් මින්හෝ හ්වාන්ට seul එක්ක ආපහු යන්න කිව්වෙ seulගෙන් මොනවත් දැනගන්න බෑ කියල තේරුන නිසා...

හිර කූඩුව ඇතුලට ආපු බ්‍රිගේඩියර් මින්හෝ ලුසිෆර්ගෙ ටී ෂර්ට් එකේ කරෙන් අල්ලගත්තා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now