ᑕᕼᗩᑭTᗴᖇ 44☠︎︎...

1.6K 310 219
                                    

බයික් එකෙන් බැහැපු ජන්ග්කුක් හෙල්මට් එක ගලවල Luciferට දීලා වෙරලට දිව්වා...තමන්ගෙ හෙල්මට් එකත් ගලවල බයික් එක උඩින් තියපු Lucifer ජන්ග්කුක් රැල්ල පාගන දිහා බලාගෙන හෙමීට ජන්ග්කුක් ලගට ගිහින් ජන්ග්කුක්ගෙ ඉණ වටේ අත් දෙක ඔතාගෙන ජන්ග්කුක්ගෙ උරහිස උඩින් නිකට තියාගත්තා..

" කූ..."

" හ්ම්..."

" කූ මොනවද කල්පනා කරන්නෙ ඔච්චර...බයික් එකේදිත් කූ මොනවද හිත හිත නේද ආවෙ"

" විශේෂ දෙයක් නෙවෙයි හියුන්ග්...නිකන් පාර දිහා බලන් ආවෙ මන්"

" එතකොට කූ දැන් මොනවද හිතන්නෙ?"

" අර වතුරෙ සෙල්ලම් කරන කොල්ලො සෙට් එක දැක්කද හියුන්ග්?"

" ඔව් ඉතින්...උන් ටික ටිකක් දුර ගිහින් වැඩී වගේ නැද්ද...බෙල්ල ලගටම වගේ වතුරනෙ එතන"

" ඒකනම් එහෙම තමයි...මට එයාලව දැක්කම යුනි එකේ යාලුවො ටික මතක් උනා...අපිත් එකපාරක් බීච් ට්‍රිප් එකක් ආවා...එයාල ඔය කරනව වගේම ටවර් එකක් වගේ හදාගෙන ඒකෙ උඩටම නැගලා වතුරට පැන්නා"

" කූට පීනන්න බෑනෙ"

" ඔච්චර ගැබුරු වතුරට ගියේ නෑ අපි"

" හ්ම්..."

මුදෙ ටිකක් දුරට ගිහින් ඉන්න කොල්ලො ටික දිහා Luciferත් බලාගෙන හිටියා...පහල රවුමට හිටගෙන ඉන්න කොල්ලො ටිකේ උරහිස් උඩට නැගපු තුන් දෙනෙක් බැලන්ස් එකේ හිටගෙන ඉද්දී ඒ තුන්දෙනාගෙත් උඩට නැගපු එක්කෙනෙක් කරනමක් ගහලා වතුර පැන්නා...ඒ දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් සද්දෙන් හිනා වෙද්දී Luciferගෙ අවධානය ජන්ග්කුක්ට යොමුවුනා...ජන්ග්කුක්ගෙ මූණෙ ලියවිලා තියෙන දගකාර සතුට දිහා බලාගෙන හිටපු Lucifer තව ටිකක් ජන්ග්කුක්ව තදට බදාගත්තා...

" අපිත් ඒ හරියට යන්ද හියුන්ග්?"

" තෙමීගෙන ගෙදර යන්න බෑනෙ කූ...රැල්ල පාගමු අද ඒ නිසා"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now