ᑕᕼᗩᑭTᗴᖇ 11☠︎︎...

2K 345 212
                                    

Lucifer උදේ ඇහැරෙද්දිත් ජන්ග්කුක් තද නින්දෙ හිටියේ...තමන්ගෙ යට ඉන්න ජන්ග්කුක් දිහා බලාගෙන හිටිය Lucifer ජන්ග්කුක්ගෙ කම්මුලෙන් හාදුවක් තියල ඇදෙන් බැස්සා...

වොෂ් දාල ඇදුමක් ඇදගත්ත Lucifer කෙලින්ම ගියේ කිචන් එකට...උදේට ජිමිනට කෑම ගේන්න එපා කියල කියපු Lucifer YouTube එකේ රෙසිපි එකක් බලාගෙන උයන්න ගත්තා...වීඩියෝ එකේ ගානට උයන්න ගිහින් මුලින්ම වරද්ද ගත්ත Lucifer ඒ කෑම ටික ඩස්බින් දාල රෙසිපි එක ලියාගෙන උයන්න ගත්තා...පැය තුනකට ආසන්න වෙලාවක් මහන්සි වෙලා Lucifer උයල ඉවර කරගත්තා...කෑම ටික මේසෙන් තියල Lucifer ගියේ ජන්ග්කුක්ව බලන්න...

Lucifer යද්දී ජන්ග්කුක් ඇහැරිලා හිටියා...පැත්තට හැරිලා මාලු ටැංකිය දිහා බලාගෙන හිටිය ජන්ග්කුක්ගෙ මූණ Lucifer දැක්කෙ නෑ...

" ඩෝල්....Good morning...ඒත් දැන් දවල් වෙන්න කිට්ටුයි හැබැයි...වොෂ් දාගෙන එන්න යන්...එන්න "

ජන්ග්කුක් තාම තමන්ගෙ පැත්තට හැරුනෙ නැති නිසා Lucifer ජන්ග්කුක්ව ලගට ගන්න හිතාගෙන ජන්ග්කුක්ගෙ කකුල ඇල්ලුව ඒත් ජන්ග්කුක් එක පාරටම ගැස්සෙනව දැනුනම Lucifer තමන්ගෙ අත ගත්තා...

" ඩෝල්...ඔයා හොදින්ද...ඩෝල්...ජන්ග්කුක්...මෙහෙ බලන්න...හැරියන් මේ පැත්තට "

ජන්ග්කුක් හෙමිට ඇදේ අනිත් පැත්තට හැරුනා...එතකොටයි Lucifer දැක්කෙ කදුලු බේරෙන ජන්ග්කුක්ගෙ ඇස්...

" මොකද ඩෝල් මේ උදෙන්ම...කෝ එන්න යන්න "

Lucifer ජන්ග්කුක්ව ආපහු තමන්ගෙ ලගට ගන්න හැදුවට උනේ එයා හිතුවෙ නැති දෙයක්...කෑ ගහල අඩන්න ගත්ත ජන්ග්කුක් ඇදේ පස්සෙන් පස්සට ගිහින් ගුලි උනා...

" ලගට එන්න එපා...යනව අහකට...බේරගන්න අනේ ඔම්මා...මාව බේරගන්න...අල්ලන්න එපා මාව...ඔම්මා...අනේ බේරගන්න...

" ඩෝල් මේ මම...ඩෝල් මම හියුන්ග් ...කෝ මේ බලන්න...ඩොලී...ජන්ග්කුක්...

" ඔයා හියුන්ග් නෙවෙයි...ඔම්මා අනේ...

කරන්න දෙයක් හිතාගන්න බැරි උන Lucifer කාමරේ දොරත් හයියෙන් වහගෙන එලියට ගියා...ජිමින්ට එන්න කියන්න හැදුවත් ආපහු ජන්ග්කුක්ව වොෂ් දම්මවන්න ජිමිනට ඉඩ දෙන්න බෑ කියල හිතුන නිසා Lucifer දොරට හේත්තු වෙලා බිම වාඩි වෙලා කල්පනා කරන්න ගත්තා...මතක් උන දෙයක් නිසා ඉක්මනට ක්ලොසෙට් එකට දුවපු Lucifer ඒකෙ ලාච්චුවක තිබුන ක්‍රීම් එකක් ගත්තා...මූණෙ තියෙන මකර ටැටූ එක පේන්නෙ නැති වෙන්න ඒක ගාගත්ත Lucifer හොද හුස්මක් අරගෙන පහත දාල ආපහු කාමරේට ගියා...දොර අරිනකොටම ජන්ග්කුක් ගැස්සිලා දොර දිහා බැලුවා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now