ᑕᕼᗩᑭTᗴᖇ 86☠︎︎...

1K 143 37
                                    

උදේ නැගටපු ලුසිෆර් තාමත් තමන්ගෙ අත් අතරට වෙලා සැප නින්දක ඉන්න ජන්ග්කුක්ගෙ නලලින් හාදුවක් තියල ජන්ග්කුක්ව වඩාගෙනම වොශ්රූම් එකට ගියේ ජන්ග්කුක්ව ඇහැරවන්න මහන්සි නොවී...

ජන්ග්කුක්ව ඇහැරවන්නෙ නැතුව එහෙමම වොශ්රූම් එක්කගෙන යන එක ලුසිෆර් ලගකදි ඉදල පුරුදු උන වැඩක්...මොකද ජන්ග්කුක්ව උදේට නැගිටවන්න ලුසිෆර් වෙනම විනාඩි පහලොවක් දහයක් මහන්සි වෙන්න ඕන...ඊට වඩා මේ විදිය ලේසි බව හොයාගත්ත ලුසිෆර් ජන්ග්කුක්ව වඩාගෙනම ගිහින් සින්ක් එක උඩින් වාඩිකරල තාමත් තමන්ගෙ උරහිසෙන් ඔලුව තියන් ඉන්න ජන්ග්කුක්ගෙ මූණෙ වතුර ගෑවා...

" හියුන්ග්!!!"

" ගුඩ් මෝනින් වස්තුව "

" මෝනින් එක ගුඩ් වෙන්නෙ කොහොමද...මම කිව්ව නේද මාව නින්දෙන්ම වොශ්රූම් එකට උස්සගෙන එන්න එපා කියල"

" එසේය දේවයන් වහන්ස....ඒත් මේ විදිය ලේසීනෙ කූ...නැත්තම් මම විනාඩි පහලොවක් විතර කූව ඇහැරවන්න දගලන්න එපැයි"

" යැයි යැයි තමයි"

" කෝ ඉතින්...මෙන්න බ්‍රෂ් කරගන්න මගෙ පුංචි හබී"

ජන්ග්කුක්ගෙ අතට ලුසිෆර් බ්‍රෂ් එක දෙද්දී කියපු වචනෙ නිසා ඊයෙ දවස මතක් උන ජන්ග්කුක් ආපහු ලුසිෆර්ට තුරුල් උනේ හිනාවෙන ගමන්...

" මොකද වස්තුව මේ?"

" මට දැන්නෙ අනේ මතක් උනේ ඊයෙ හියුන්ග් මට propose කරා කියල"

" නිදිමත විකාරෙන් බැදල හිටියත් මතක් වෙන එකක් නෑ කූට...කෝ වොශ්දාගෙන යමු කන්න "

ජන්ග්කුක් එක්ක සැරින් සැරේට හාදු හුවමාරු කරගන්න ගමන් වොශ්දාගත්ත ලුසිෆර් දෙන්න එක්ක පහලට ආවෙ උදේ කෑම කන්න...

තාමත් පඩිපෙලවල් මල් වලින් සරසලා තියෙද්දී ලුසිෆර් ජන්ග්කුක් එක්ක අත් පටලවගෙන පඩිපෙල දිගේ පහලට ආවෙ ජන්ග්කුක් ලුසිෆර්ගෙ ඇගට හේත්තු වීගෙන හිනා වෙවී මොනවද කියන ගමන් එන අතරෙ...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now