ᑕᕼᗩᑭTᗴᖇ 76☠︎︎...

959 160 92
                                    


" වැඩේ අරූට බාර දෙන්නත් හිතයි ...එහෙමත් නැතුව කෙලින්ම අපිම එතනට යමුද?"

" අපි මයිකල්ට වැඩේ බාර දෙන එක තමයි හොද වේගාස්...නැත්තම් අපි දෙන්න ඔතනට ගියොත් උන් ඔක්කොම ඉවර වෙනව...ඒ නිසා බාර දෙන එක හොද "

" ඒ උනාට උන්ව ඉවර කරන එකෙත් වැරැද්දක්ක්ක්...

කතා කරන ගමන් හිටපු වේගාස් කතාව එහෙමම නවත්තලා ලුසිෆර්වත් ඇදගෙන ඉක්මනට එහාට උනේ තමන්ගෙ කකුල් අතරින් මොකෙක් හරි දුවපු නිසා...අදුර ගන්න බැරි තරම් වේගෙන් දුවපු ඒ සතා පස්සෙන් ඊට වඩා ටිකක් ලොකු සතෙකුත් වේගෙන් දුවගෙන ගියේ ඊට තත්පර කීපෙකට පස්සෙ...

ආපහු කොරිඩෝ එක මැදට ඇවිත් දුවපු සත්තු දෙන්න පේන්න ඉන්නවද බලන්න හදපු ලුසිෆර් වේගාස් දෙන්න ආපහු නැවතුනේ එයාලව පහු කරගෙන වේගෙන් දුවපු දෙන්නෙක් නිසා...ලුසිෆර්ට තමන්ගෙ ඇගේ හුලගක් වැදීගෙන යනවත් එක්කම ඒ ගිය කෙනා කූපර් කියල කියපු නිසත් ඒ කටහඩ ජන්ග්කුක්ගෙ වගේ උන නිසාත් උන දේ තේරුම්ගන්න ලුසිෆර්ට අමාරු උනේ නෑ...

" මොකක්ද බන් ඒ උනේ?"

" කූපර් ගියේ ඒ"

" මට ඇහුනෙ කූකූ කියල විතරයිනෙ ටේයා...කූකූ සද්දෙ කන ලගින් හුලගත් එක්ක ගහන් ගියා වගේ දැනුනෙ"

" මටත් ...ඒ උනාට පර් එකත් දුර ගිහින් ලාවට ඇහුනා...උබලගෙ පූසා ජෙට් එක වගේනෙ...ජන්ග්කුක්ටයි ජේටයි අර දුවපු වේගෙට නවතින්න පුලුවන් උනොත් හොදයි...නැත්තම් දෙන්න එක්ක බිත්තියක හැප්පිල නවතියි දුවපු දිවිල්ලට"

ආපහු ඩීල් එක ගැන කතා කරන්න ගත්ත ලුසිෆර් වේගාස් දෙන්න එහෙමම ඔෆිස් රූම් එකට ගියේ ඕන කරන ෆයිල්ස් තියෙන්නෙ එතන නිසා...

පහලට දුවපු ජන්ග්කුක් ඉස්සරහට පැනලා කාපට් එක උඩින් දුවන ගමන් ඉන්න කූපර්ව අල්ලගද්දී කූපර් බේරෙන්න දගලපු පාර ජන්ග්කුක්ගෙ අත ලාවට හීරුනා...

" ආව් කූපර්...පාපට ඔහොම තුවාල කරනවද...ඇති ඔය දැගලුවා.."

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now