ᑕᕼᗩᑭTᗴᖇ 50☠︎︎...

1.2K 303 170
                                    

උදේ හතට නැගිටපු ජන්ග්කුක් තමන්ගෙ තුරුලෙ ඉන්න Cooperව ටිකක් එහාට කරල ඇදෙන් නැගිට්ටා...ජන්ග්කුක් Cooperව රෑ නිදාගද්දී Cooperගෙ ඇදෙන් තිබ්බත් Cooper රෑ බුරලා බුරලා ජන්ග්කුක්ව ඇහැරවගෙන ඇදට නැග්ගා...තමන් දිහා ලාවට ඔලුව උස්සල බලලා ආපහු නිදාගන්න Cooperගෙ ඔලුව අතගාපු ජන්ග්කුක් බාගෙට නිදිමතේ ඇස් කහ කහ වොශ්රූම් එකට ගියා...නිදිමත යන්න උදෙන්ම නාගත්ත ජන්ග්කුක් කාමරේට ඇවිත් ඊයෙ රෑ අයන් කරපු ඇදුම ඇදගෙන කණ්ණාඩිය ඉස්සරහට ගියේ කොණ්ඩෙ හදාගන්න...හිතුවට වඩා තනියම කොණ්ඩෙ ස්ටයිල් කරන එක ජන්ග්කුක්ට අමාරු උනා...

' කූ....එක විදිහකට ඉන්න...ඔය ඔලුව කෙලින් තියාගන්න...ඔහොම ඉද්දී කොහොමද කොණ්ඩෙ හදන්නෙ මම '

' කොහොම හරි හදන්න ඉතින් '

' ඉන්නව එක විදිහකට ...මුරණ්ඩුකම විතරයි '

' නෑ තව ගොඩක් ඒව තියෙනෝ '

' ඒ මොනවද? '

' හිතුවක්කාරකම , බොරු හුරතලේ ...ඔය තව තව ඒව තියෙන්නෙ හියුන්ග් කියන...ඒව ඔක්කොම තියෙනවනෙ...මම ෆුල්පැකේජ් එකක්නෙ '

' ඒ උනාට දැන් මුරණ්ඩුකම විතරයි '

ජන්ග්කුක්ගෙ කන පොඩ්ඩක් කොනිත්තපු Lucifer ජන්ග්කුක් එහෙට මෙහෙට ඔලුව හරව හරව එක එක ඒවා කියද්දී බොහොම අමාරුවෙන් ඒවටත් උත්තර දෙන ගමන් කොණ්ඩෙ පීරලා ඉවර කරා...

' කෝ මූණෙ ක්‍රීම් ගාන්න '

ජන්ග්කුක්ගෙ මූණ නිකටින් අල්ලල උඩට කරපු Lucifer ජන්ග්කුක්ගෙ මූණෙම ක්‍රීම් ගාල කම්මුලකින් හාදුවක් තිබ්බා...

' ඇදුමක් තෝරමු අපි දැන් '

Luciferම තමන්ට ඇදුමක් තෝරලා අන්දවනකම් ජන්ග්කුක් ඇදට වෙලා වාඩිවෙලා බලාගෙන හිටියා...

කම්මුලේ දැනෙන තෙත් ගතියට කම්මුල අල්ලල බලපු ජන්ග්කුක්ට එතකොටයි තේරුනේ තමන්ගෙ ඇස් තෙත් වෙලා බව...ඉක්මනට ඇස් පිහිදගත්ත ජන්ග්කුක් මෙච්චර වෙලා අල්ලගෙන හිටපු පනාව අරගෙන කොණ්ඩෙ පීරන්න ගත්තා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now