ᑕᕼᗩᑭTᗴᖇ 85☠︎︎...

943 151 56
                                    

උදේ ඇහැරුන ජන්ග්කුක් ඇදේ එහෙමම වාඩිවෙලා වටපිට බැලුවේ ලුසිෆර් පේන්න නැති නිසා...

" හියුන්ග්....හියුන්ග්...

කතා කරත් ලුසිෆර්ගෙන් ප්‍රතිචාරයක් නැති තැන ඇදෙන් බිමට බැස්ස ජන්ග්කුක් කාමරේ පුරාම ගිහින් අන්තිමට නැවතුනේ වොශ්රූම් එක ලග...ඒත් වොශ්රූම් එක ඇතුලෙත් ලුසිෆර්ව හොයාගන්න නැති තැන මූණ නරක් කරගත්ත ජන්ග්කුක් තනියම වොශ් දාගෙන ටී ෂර්ට් එකකුයි ෂෝට් එකකුයි දාගෙන පහලට ආවෙ කොණ්ඩෙවත් පීරන්නෙ නැතුව...

ඒත් කාමරෙන් එලියට ගියපු ජන්ග්කුක් එහෙමම නැවතුනේ මුලු මැන්ශන් එකම මල් වලින් සරසලා තියෙන විදිය දැකල...වෙනදට බූත බංගලාව වගේ අදුරු ගතියට පේන මැන්ශන් එකට රෝස මල් වලිනුයි ඉටිපන්දම් වලිනුයි අමුතු ලස්සනක් එකතු කරල තිබ්බෙ ජන්ග්කුක්ට සුරංගනා කතාවක් මතක් කරල දීලා...

වෙනදට බූත බංගලාව වගේ අදුරු ගතියට පේන මැන්ශන් එකට රෝස මල් වලිනුයි ඉටිපන්දම් වලිනුයි අමුතු ලස්සනක් එකතු කරල තිබ්බෙ ජන්ග්කුක්ට සුරංගනා කතාවක් මතක් කරල දීලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මලක පෙත්තක් අල්ලල සුවද බලපු ජන්ග්කුක් ඒව ඇත්තම මල් බව දැනගෙන එක මලක් පරිස්සමට අතට අරගෙන පඩිපෙල බැහැගෙන ගියේ තමන්ගෙ හියුන්ග්ව හොයාගෙන...

ඒත් පඩිපෙලේ මගදි හම්බවුන ජිමින් ජන්ග්කුක්ව නවත්තගත්ත...

" මොකද උබ මේ කොණ්ඩෙත් පිස්ස වගේ එලියට ඇවිත්?"

" හියුන්ග් කෝ...එයානෙ මගෙ කොණ්ඩෙ පීරන්නෙ"

" ඒහ්...ලුසිෆර් එහෙම වැඩත් කරනවද...ඒත් අද උබට ටික වෙලාවක් ඉන්න වෙනව උබේ හියුන්ග් නැතුව"

" ඒ ඇයි...එයා මට නොකිය කොහෙද ගියේ...අනික ඇයි මෙහෙම සරසලා?"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now