ᑕᕼᗩᑭTᗴᖇ 52☠︎︎...

1.1K 299 133
                                    

ජන්ග්කුක් උදේ ඉදලාම කිසිම ප්‍රබෝදමත් බවක් නැතුව වැඩ කරන දිහා ජැක්සන් බලාගෙන හිටියා...ජන්ග්කුක් එහෙම ඉන්න හේතුව දන්නව උනත් ජන්ග්කුක් වෙනුවෙන් තමන්ට කරන්න පුලුවන් දෙයක් නැති බව දන්න නිසා ජැක්සනුත් ජන්ග්කුක් එක්ක වැඩිය කතාවට නොයා ජන්ග්කුක්ට පාඩුවේ ඉන්න දුන්නා...

කිචන් එකට ආපු ජන්ග්කුක් දැක්කෙ තමන් දිහා බලපු ජැක්සන් තමන්ට අවධානය නොදී ආපහු කේක් වගයක් රෙඩි කරන බව...

" උබ උදේ ඉදලම මාව මග අරින්නෙ ඇයි ?"

" එහෙම නෑ ගුක් "

" එහෙම නැත්තෙ මොකද...උබ දැනුත් මගේ දිහා බලල අහක බලාගත්තා..."

"උබ උදේ ඉදලම අවුලෙන් නෙ...ඉතින් මට වදයක් වෙන්න හිතුනෙ නෑ..."

" උබ කතානොකර ඉද්දී මට තවත් අවුල් "

" සොරි බන්"

" හ්ම්...අද හය වෙනි දවස බන්...හියුන්ග් ආවෙ නෑනෙ"

" හෙට දවසත් තියෙනවනෙ "

" උබට තේරෙන්නෙ නෑ බන්...හෙටත් එයා ආවෙ නැති උනොත් මට කරන්න දෙයක් නෑ"

" අපි මොනව හරි කරමු එයාව ගෙන්නගන්න "

" මොනවද කරන්නෙ?"

" උබට කරදරයක් උනොත් එයා ඒවිනෙ උබව බලන්න "

" මම අදුරගන්න බැරි වෙන්න එයාගෙ ගාඩ්ල මගේ වටේ ඉන්නව බන්...එදා මන් අර කෝපි එකක් හදල දුන්නෙ එහෙම අදුරගත්ත එකෙකුට...එදයින් පස්සෙ උන් තවත් හැංගිලා"

" ඒකත් එහෙමද...හරි මෙහෙම උනොත්...උබව වාහනේකට හැප්පුනොත්...උබව හොස්පිටල් ඇඩ්මිට් කරන්න බෑනෙ අනිත් අය වගේ...ඉතින්...

" එතකොට නම් සමහරවිට හියුන්ග් ඒවි..."

" ඒකනේ...එතකොට එන්න වෙනව"

" මම කාගෙ වාහනේටද හැප්පෙන්න ඕන?"

" අපොයි...හරකෝ...රගපෑමක් කරන්නයි ඕන එයාව ගෙන්නගන්න...මම හප්පන්නම් උබව...උබ අතක් පයක් කැඩුන වගේ ඇක්ට් කරන්න ඕන"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now