ᑕᕼᗩᑭTᗴᖇ 87☠︎︎...

982 169 147
                                    

ටික වෙලාවක ඉදල තමන්ට පුරුදු උණුහුම දැනෙන්නෙ නැති නිසා ඇස් ඇරල බලපු ජන්ග්කුක් දැක්කෙ ලුසිෆර් ඇදේ නැති බව...

උදේම මූණත් නරක් කරගෙන වටපිට බලපු ජන්ග්කුක්ට එකපාරටම මතක් උන දේ නිසා ජන්ග්කුක් ෆෝන් එක අරගෙන බැලුවෙ අද දවස කවද්ද කියල...සැප්තැම්බර් අට කියල ෆෝන් එකේ දවස වැටිල තියෙනව දැකපු ජන්ග්කුක් ඇදෙන් බිමට බැහැල වොශ් රූම් එකට ගියේ ලුසිෆර්ව හොයාගෙන...

ලුසිෆර් වොශ්රූම් එකෙත් නැති වෙද්දී proposal එකේ වගේම ලුසිෆර් තමන්ව දාල අදත් ගිහින් බව ජන්ග්කුක්ට තේරුනා...කණ්ණාඩිය දිහා බලාගෙන හිටිය ජන්ග්කුක්ට කල්පනා උනේ සතියක කාලය ගත උන වේගෙ...එදා ගාඩ්න් එකේදි ලුසිෆර් තමන්ගෙ අතට වෙඩින් ඉන්විටේෂන් එක දුන්නම ඒකෙ සැප්තැම්බර් අට කියල දවස දාල තියෙද්දී තමන් සතුටු උන තරම ජන්ග්කුක්ට මතක් උනා...ඒ වගේම අද ඒ දවස ඇවිත්...

උදේම වොශ් එකක් දාගත්ත ජන්ග්කුක් අනිත් අයව හොයාගෙන පහලට ගියා...

මුලු මැන්ශන් එකම කලබල වෙලා...කට්ටිය කුණු පොදක් නැතුව තියෙන මැන්ශන් එක ආපහු අස් කරනව...කෑම මේසෙට තාම කෑම යවනව...හැමෝම වෙනදට වඩා ලස්සනට ඇදල...හැම මූණකම හිනාව පිරිල...මෙච්චර ලස්සන දවසක් අදුර පිරිල තිබුන ලේ සුවද ගෑවිලා තිබුන මේ මැන්ශන් එකට ඒවි කියල හිතුවෙ කවුද...

මුලින්ම ජන්ග්කුක්ව දැකල ජන්ග්කුක් ලගට ආපු ජේ ජන්ග්කුක්ව හග් කරා...

" ගුඩ් මෝනින් අපේ ක්වීන්"

" ගුඩ් මෝනින්...අනේ ඔහොම කියන්න එපා ජේ..."

" එහෙම නැතුව වෙන කොහොමද කියන්නෙ ...ඉක්මනට කන්නකෝ...ඊලඟට යමු රෙඩි වෙන්න...ඊට කලින් ජන්ග්කුක්ට ෆේශල් එකක් එහෙම දාල තව ටිකක් හැඩ කරල ගන්න හිතුව අපි"

ජේ එක්ක හිනා උන ජන්ග්කුක් එහෙමම කෑම මේසෙට ගියා...ඒ අතර මගදි හැමෝටම ගුඩ් මෝනින් කියලම ජන්ග්කුක්ගෙ කට රිදෙන්න ගත්තා...හැමෝම කට පුරා ගුඩ් මෝනින් ක්වීන් කියල කියද්දී ජන්ග්කුක් ආපස්සට විශ් නොකර කොහොමද...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now