ᑕᕼᗩᑭTᗴᖇ 90☠︎︎...

1.3K 182 282
                                    

අවුරුදු හතරක් උන ලියානාව උදේට ලෑස්ති කරන ගමන් හිටපු ජන්ග්කුක් බැලුවෙ අවුරුදු අටක් උන ටේගුක් ගෙන් English වචන වගයක් පාඩම් ගන්න ලුසිෆර් දිහා...

ටේගුක්ත් වචනෙන් වචනෙට අකුරු කියලා ලුසිෆර්ගෙ කම්මුලට හාදුවක් දීලා ජන්ග්කුක් ලගට ඇවිත් ජන්ග්කුක්ගෙ කම්මුලකුත් ඉබලා ලියානාව බදාගත්ත...

" හියුන්ග් චූටිව බලන්න පාඩම් ඉවර වෙලා එන්නම් හොදද"

ලියානාත් හා කියන්න ඔලුව වැනුවම දොර ලග හිටපු මැගී එක්ක ටේගුක් එයාලගෙ පාඩම් කාමරේට ගියා...

ටේගුක් , Beom , Haneul, යූන්ජි හතර දෙනාම එක වයසෙ වෙද්දී එයාලට ගෙදරට ටීච කෙනෙක් ගෙන්නල උගන්නන්න කට්ටිය තීරණය කරේ පොඩි අය අතින් එයාල ගැන කියවෙන්න ඉඩ තියෙන නිසා...හතර දෙනාම ආසාවෙන් පාඩම් වැඩ වලට යද්දී අවුරුදු දොලහක් උන ජේක්ව ඉන්ටනැෂනල් ස්කූල් එකකට යැව්වෙ ජේක්ට දැන් දේවල් තේරෙන නිසා...

පොඩි කාලෙ කායිගෙ වැඩ නිසාම ජේක්ට එයාගෙ අප්පා කරන වැඩ හොද දේවල් නෙවෙයි බව තේරෙද්දී තමන් ඇත්තටම කාගෙ කවුද කියන එක පිටට නොකිය ඉන්න ජේක් පරිස්සම් උනා...

ඉතින් උදේ වරුවට මැන්ශන් එකේ ඉතුරු වෙන එකම බබා උන ලියානා මැන්ශන් එකේ හැමෝගෙම හුරතලේ මැද හැදුන බාලම ලමය උනා...

ජන්ග්කුක් ලියානාට ලස්සනට අන්දවලා කොණ්ඩෙ හැදන විදිය බලන් හිටපු ලුසිෆර් ලියානා එලියට දුවන්න හදද්දී නවත්තගත්ත...

" උදේට ෆොටෝ එකක් ගන්න ඉන්න චූටි "

ලුසිෆර්ගෙ පැත්තට හැරුන ලියාන තොල් උල් කරල ඇගිලි දෙකක් පෙන්ද්දී ලුසිෆර් හිනාවෙන ගමන් ෆොටෝ එකක් ගත්තා...

ලුසිෆර්ගෙ පැත්තට හැරුන ලියාන තොල් උල් කරල ඇගිලි දෙකක් පෙන්ද්දී ලුසිෆර් හිනාවෙන ගමන් ෆොටෝ එකක් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now