ᑕᕼᗩᑭTᗴᖇ 30☠︎︎...

1.5K 306 126
                                    

Luciferට කලින් ඇහැරුන ජන්ග්කුක් Luciferව ඇහැරෙන්නෙ නැති වෙන්න ඇදෙන් බැහැල ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් Luciferගෙ ඇදුමක් ගන්න closet එක ඇරියා...මුලු closet එක පුරාම තියෙන කලු ඇදුම් අතර ඇස් යවපු ජන්ග්කුක් ඇතුලට ගිහින් හොද එකක් තෝරන්න ගත්තා...

" මේ මනුස්සයා එකම ජාතියේ ඒව තියාගෙන ඉන්නෙ ඇයි මේ...තනි කලු හූඩි...ඔක්කොම එක වගේ නෙව...බුර්කා ගොඩකට ඇවිත් හොද එකක් තෝරනව වගේ වැඩක් මේක...හ්ම්...හෝ දහය , විස්ස , තිහ , හතලිහ.....සීය...මේක හොදයි"

Luciferගෙ එකම වගේ හූඩි අතරින් සීය ආපු හූඩි එක ගත්ත ජන්ග්කුක් ඒක විතරක් ඇදගෙන Luciferගෙ අන්ඩර්වෙයා එකක්ම ඇදගත්තා...ඒක චුට්ටක් ලොකු උනත් ඉනෙන් ෆිට් නිසා ඒක ගනන් නොගෙන ජන්ග්කුක් කෙලින්ම කිචන් එකට ගියා...උයන්න දෙයක් ගන්න fridge එක ඇරපු ජන්ග්කුක් දැක්කෙ අවන් එකට දාල රත් කරල ගන්න පුලුවන් කෑම වර්ගයි බීමයි බියරුයි වලින් පිරිල තියෙන fridge එක...හුස්මක් පහත දාපු ජන්ග්කුක් කබඩ් ඇරල බැලුවා...ඒවගෙ තිබුනෙ නූඩ්ල්ස් පැකට් ,සැන්විච් පාන්, ජෑම් , nutella , ටින් කෑම වගේ දේවල් විතරයි...

" මාස එකහමාරක් විතර මේකා එලවලුවක් කටේ තියල නැද්ද එතකොට...හ්ම්"

තමන්ට කියාගත්ත ජන්ග්කුක් නූඩ්ල්ස් පැකට් හතරක් කඩල අරගෙන හදන්න ගත්තා...ටිකකින් තමන්ගෙ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නව වගේ දැනුන නිසා ජන්ග්කුක් පිටිපස්ස හැරිල බැලුවා...පුටුවකින් වාඩි වෙලා Lucifer දිගටම තමන් දිහා බලාගෙන ඉන්නව ජන්ග්කුක් දැක්ක...වෙලා ගියත් Lucifer කතා කරේ නැති නිසා ජන්ග්කුක් කතා කරන්න ගත්තා...

" හියුන්ග්...ඇයි සද්ද නැත්තෙ?"

" නෑ මම මේ ඔයා උයන දිහා බලන් හිටියේ"

" මේ දවස් වල මේව විතරද කෑවෙ...එලවලුවක රහවත් මතකද දැන්?"

" මට ඉතින් එලවලු කප කප තම්බ තම්බ ඉන්න බෑනෙ..."

" එච්චරට වෙලාව නැද්ද...බොරු කියන්න එපා හියුන්ග්"

" නෑ නෑ වෙලාව තියෙනව..මම කියන්නෙ මට උයන්න බෑනෙ"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now