පළවෙනි හීනය.....🪷

6.2K 448 223
                                    

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳......

my_zazin හැමදාමත් වගේ කතාවට ලස්සනම ලස්සන කවර් පික්චර් එකක් හදලා දෙන්නේ සසී නංගා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

my_zazin හැමදාමත් වගේ කතාවට ලස්සනම ලස්සන කවර් පික්චර් එකක් හදලා දෙන්නේ සසී නංගා.... ආදරෙයි ඉතින් හැමදාමත් ලැබෙන මේ ලෙංගතුකමට ....❤💚💛

.
.
.
.
.

පොළොන්නරුව , කොළඹ ශීග්‍රගාමී බස්රථ ය තුල කන දෙදරවන්නට දමා ඇති ගීතය සැනසීමක් නැති හිතකට නම් හිස රදයක් පමණක් ඉතිරි කරන්නේය.... පාට පාට විදුලි බුබුලු වලින් ආලෝකවත් වී ඇති බස් රථය තුල විශාල රූපවාහිනී තිරයක් මත සංගීත සන්දර්ශනයක් දෙදරන්නට විකාශනය වන්නේය.... ඊට සවන් දෙන්නන් සිටිනවාදැයි කියන්නට නොදනී.....

දැනුම් තේරුම් තියන කාලෙක අප්පච්චිගෙ උරහිසෙන් හිස තියාගත්තෙ නෑ...... කරදඩු උස්මහත් වෙනකොට ඒක ලැජ්ජාවක් කියලා හිතුනද මන්දා.......ඒත් ආය කොයි කාලෙකින් අප්ප්ච්ගෙ උරහිසේ ආරක්ෂාව ,අම්මගේ පපුවෙ උණුසුම විදින්න පුලුවන් වෙයිද කියලා හිතෙන කොටම මටත් නොදැනි මම මට එහා පැත්තෙන් වාඩිවෙලා හිටපු අප්පච්චිගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා... අද කවුරු කොයි විදිහට බැලුවත් මට කමක් නෑ....... ඒ උරහිසේ පහස දැනෙනකොටම මටත් නොදැනී මගේ ඇස්වලට කදුලු ආවා....

" නිදිමතයිද ලොකු පුතේ......."

" නෑ අප්පච්චි ........නිකං......."

ඒ මනුස්සයත් ඉන්නෙ මේ අදෝනාව දරාගන්න බැරුවද කොහෙද... තාම හවස හය පහුවෙනවා විතරයි.... කන දෙදරණ සින්දුවේ සද්දෙ මදිවට අපිට පිටිපස්සේ සීට් එකේ ඉන්න පොඩි එකා මහ හයියෙන් අඬන්න පටන්ගත්තා..... සමහර විට මාස නවයක් දහයක් වෙච්ච පොඩි එකාටත් මේවා දරාගන්න අමාරු ඇති..... එහෙමයි කියලා ඉතින් මේකෙ සද්දෙ අඩු කරන්න කියලා ඩ්‍රයිවර්ට කියලා හොඳ වගෙන් දෙකක් අහගන්න යෑ......

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now